දේශීය පුවත්

පිරිමි දරුවන් අපයෝජනය කළ බව කියන පුද්ගලික උපකාරක පන්ති පැවැත්වූ පුද්ගලයකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

මෙම අපාරධයට අදාළව පොලිසිය දැන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලැබුණු වට්ස්-ඇප් පණිවිඩයකට අනුව කොල්ලුපිටිය පොලීසිය මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මාතර ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය ද කොළඹට කැඳවා තිබුණේ විමර්ශනවලට සහය ලබා ගැනීම සඳහායි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා

“අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 56 ක් පමණ වන මහරගම පොලිස් වසමේ දෙපානම, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 2018 වර්ෂයේ ඉදලා මේ පුද්ගලයා මේ අපයෝජනයට කටයුතු සිද්ධ කර තිබෙන බව තමයි දැනට සොයාගෙන තිබෙන්නේ. මේ පුද්ගලයා සතුව තිබි මේ වනවිට පරිගණක ඩෙක්ස්ටොප් එකක් ඒ වගේම කැමරා 2ක්, පෙන්ඩ්‍රයිව් එකක් සංයුක්ත තැටි 137ක් ඒවගේම විවිධ ප්‍රමාණයේ ඡායාරූප 7ක් සහ දුරකතනයක් විමර්ශනය සඳහා පොලිස් භාරයට ගෙන තිබෙනවා. දේපොළවල අන්තර්ගත වෙලා තියෙන තොරතුරු පිළිබඳව වාර්තා ලබා ගැනීම සදහා ඉදිරියේදි බලාපොරොත්තු වෙනවා.”

මේ දක්වා සිදුකල විමර්ශනවලදී අනාවරණය වී ඇති කරුණු පිළිබඳව ද එහිදී පැහැදිලි කෙරිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා

“මේ සැකකරු පුද්ගලික උපකාරක පංති පවත්වන පුද්ගලයෙක්. ඒ වගේම රූපවාහිනි වැඩසටහන්වල පසුතල නිර්මාණය කරන පුද්ගලයෙක් හැටියටත් කටයුතු කරලා තියෙනවා. ඒ අවස්ථාවලදි ඇතිකරගත් දැනහැඳුනුම් මත මේ දරුවන් ඔහුගේ නිවසට ගෙන්වාගෙන ඔහුගේ නිවසේදි අපයෝජනයට ලක්කර තිබෙන බවයි දැනට අනාවරණය කරගෙන තියෙන්නේ. ඊට අමතරව තවත් දරුවන් ගණනාවකගේ ඡායාරුප මොහු සන්තකයේ තිබී සොයා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. දැනට අනාවරණය කරගෙන සියලුම දරුවන් පිරිමි දරුවන්. ඒ වගේම වසස අවුරුදු 16 ට අඩු කුඩා ළමුන්. මේ සම්බන්ධයෙන් දැනට විමර්ශනය කටයුතු සිද්ධ කෙරෙනවා. ඒ විමර්ශනවලදි ඒ දරුවන් මේ වෙනකොට ආරක්ෂිතව දරුවන් දෙදෙනෙකු රෝහල්ගත කරලා රෝහල්වල ප්‍රතිකාර ලබනවා. ඒත් එක්කම අපි බලාපොරොත්තු වෙනවා ඒ දරුවන් සම්බන්ධයෙනුත් විමර්ශන කටයුතු සිද්ධ කරන්න දරුවන්ට අපයෝජනය සිද්ධ වෙලා ද කියන කාරණය යම්කිසි දෙමව්පියෙකුට මේ සම්බන්ධයෙන් මෙවැනි අපයෝජන සිද්ධ වෙලා තියෙනවායද කියන සැකයක් තියනවා නම් ඒ පිළිබඳව අපට තොරතුරු අපට ලබාදෙන්න පුළුවන්”

සෑම පැය දෙකකටම වරක්ම අපේ රටේ දරුවෙකු අපයෝජනයට ලක් වන බව පොලීසිය පවසයි.

විමර්ශන වාර්තා උපුටා දක්වන පොලීසිය පෙන්වා දෙන්නේ ළමා අපයෝජනයන්ගෙන් සියයට 70 ක් ම ළඟම ඥාතීන් හෝ ළඟම හිතවතුන් අතින් සිදුවන බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More