එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඉල්ලා සිටි වෙනම රාජ්‍යය, ඡන්දයෙන් හෝ වෙනත් කිසිවකින් තම ආණ්ඩුවක් යටතේ ලබාදීමට සූදානම් නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
යුද්ධයේදී වේළුපිල්ලේ ප්‍රභාකරන් අවි ආයුධවලින් ඉල්ලා කළ සටන අද දෙමළ ජාතික සන්ධානය විසින් ඡන්දයෙන් කරන්න උත්සාහ ගන්නා බව පෙන්වාදෙන ඒ මහතා ප්‍රභාකරන් ඉල්ලා සිටි සටන තවමත් අතහැර නොමැති බවද අද දෙමළ ජාතික සන්ධානය ඒ වෙනුවෙන් කටයුතු කරන බවද ප්‍රකාශ කරයි. අගමැතිවරයා මේ බව සඳහන් කළේ නාරම්මල ප්‍රජා සංවර්ධන පදනමේ දී ඊයේ (27) පැවැති හමුවකට සහභාගි වෙමිණි. කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂක ශාන්ත බණ්ඩාර මහතා විසින් මේ හමුව සංවිධානය කර තිබූ අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.
එහිදී වැඩිදුරටත් අඳහස් පළකරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ දශක තුනකට ආසන්න කාලයක් මේ රටේ පැවැති ත්‍රස්තවාදය අවසන් කොට උතුරු හා නැගෙනහිර පළාත් යළිත් යා කරන්න හැකියාව ලැබුණු නමුත් එදා ත්‍රස්තවාදීන් කළ සටන අද දෙමළ ජාතික සන්ධානය විසින් ඡන්දයෙන් කරන්න උත්සාහ ගන්නා බවත් ඔවුන් කිසිවකුගේ ඉල්ලීම් ඉටුකරමින් මේ රට බෙදා වෙන්කිරීමට තම ආණ්ඩුව සූදානම් නොමැති බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...