පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ඊයේ (27 දා) සාක්‍ෂි ලබාදුන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප‍්‍රධානි නිලන්ත ජයවර්ධන මහතාගේ එම සාක්‍ෂියට සවන්දීම සඳහා පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කර සිටි පුද්ගලයන් 14 දෙනා අතරින් හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ, හිටපු ආරක්‍ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන, හිටපු ඇමැති සාගල රත්නායක යන මහත්වරුන් ඇතුළු 7 දෙනකු සහභාගි නොවූ අතර ඔවුන් වෙනුවට නීතිඥවරුන් හෝ සහභාගි කර නොතිබිණි.
නීතිඥවරුන් හෝ සහභාගි කර තිබුණේ පුද්ගලයන් හත්දෙනකු පමණි. මෙම සාක්‍ෂි විමසීම ආවරණය සඳහා මාධ්‍ය වෙත අවසර ලබාදුන්නේ නැත.
හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානි නිලන්ත ජයවර්ධන මහතාගේ සාක්‍ෂියට සවන්දීම සඳහා පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේ ලේකම් පද්මකුමාර හේරත් මහතා විසින් අදාළ පුද්ගලයන් 14 දෙනා සඳහා ජූලි 18 වැනිදා නොතිසි නිකුත් කර තිබිණි.
ඒ අනුව හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ, හිටපු ආරක්‍ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන, හිටපු අමාත්‍ය සාගල රත්නායක, හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු, හිටපු ආරක්‍ෂක ලේකම් කපිල වෛiසේකර, බි‍්‍රගේඩියර් චුලා සෙනවිරත්න, අනිවාර්ය නිවාඩු යවා තිබෙන පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු රාජ්‍ය බුද්ධි ප‍්‍රධානි සිසිර මෙන්ඩිස්, කරුණාරත්න හෙට්ටිආරච්චි, නාලක ද සිල්වා, රවි සෙනවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරුන් වෙත එම නොතිසි නිකුත් කර තිබිණි.
එම පුද්ගලයන් වෙත නිකුත් කරන ලද නොතිසි කොළඹ ප‍්‍රදේශයේ පදිංචිකරුවන් සඳහා ලිපිකරුවකු මගින් ද, කොළඹින් බැහැර පදිංචිකරුවන් සඳහා ශීඝ‍්‍රගාමී තැපෑලෙන් ද ලබාදීමට කටයුතු කළ බව කොමිසම හමුවේ ප‍්‍රකාශ කර සිටි එම කොමිසමේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ නොතිසි සියල්ල අදාළ පුද්ගලයන්ට ලැබී ඇති බවයි.
නොතිසි ලබා ඇති පුද්ගලයන් අතුරින් හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන, පූජිත් ජයසුන්දර, හේමසිරි ප‍්‍රනාන්දු, කරුණාරත්න හෙට්ටිආරච්චි, සිසිර මෙන්ඩිස්, ශානි අබේසේකර සහ රවි සෙනවිරත්න යන මහත්වරුන් නීතිඥයකු මගින් හෝ කොමිසම හමුවේ පෙනී සිටි අතර රනිල් වික‍්‍රමසිංහ සහ සෙසු පුද්ගලයන් නීතිඥයකු මගින් හෝ එම කොමිසම හමුවේ පෙනී සිටියේ නැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...