පාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදෙස් නිරීක්ෂකයන්ට මෙවර ආරාධනා නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
යුරෝපා සංගමය ඇතුළු විදෙස් නිරීක්ෂණ කණ්ඩායම් දෙකක් මෙරටට ගෙන්වීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය මීට පෙර යොමුවී තිබිණි.
මෙරට පවතින කොවිඩ් වසංගත තත්ත්වය මත මැතිවරණ නිරීක්ෂකයන් නොකැඳවීමට තීරණය කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේය.
මේ අතර, මැතිවරණ කොමිෂන් සභාව යටතේ ක්‍රියාත්මක මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථාන ඊයේ (24 වැනිදා) සිට පැය 24 ම ක්‍රියාත්මක කරන ලෙස දිස්ත්‍රික් නියෝජ්‍ය, සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ට උපදෙස් ලබාදී තිබේ.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළ පැමිණිලි 5000 ඉක්මවා ඇතැයිද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...