දේශීය පුවත්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් තොරතුරු පොලිසියට ලබා නොදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

එම තොරතුරු සෘජුවම ජනාධිපති ලේකම් කාර්යාලය වෙතට ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

තම දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දී සිටින බරපතල ප්‍රශ්නය වන්නේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නය බව කුරුණෑගල දිස්ත්‍රික් ජනතාව ජනාධිපතිවරයා වෙත දැනුම් දුන්නේ ඔහු මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට එම දිස්ත්‍රික්කයට ගිය අවස්ථාවේදීය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙස එහිදී ජනාධිපතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටි අතර ඊට පිළිතුරු ලෙස ජනතාව සඳහන් කළේ අදාළ තොරතුරු පොලිසිය වෙත ලබා දුන්නද ඉන් පලක් නොවන බවය.

එම තොරතුරු පොලිසියට නොදී තම කාර්යාලය වෙත එවන ලෙස ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලීම කළේ එම අවස්ථාවේදීය.

පසුගිය දිනවල සිදුවූ කුඩු මර්ධනය සම්බන්ධයෙන් පොලිසියේ ක්‍රියා පිළිවෙත පිළිබඳව මහජනතාව තුළ පමණක් නොව ජනාධිපතිවරයා තුළ පැහැදීමක් නොමැති බව ඉන් තහවුරු වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More