මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ වූ තවත් බන්ධනාගාර නිලධාරියෙකු අද (27) පෑලියගොඩ, බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
නිරෝධායන ඇඳිරිනීතිය පැවති සමයේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් මෝටර් රථයකින් ප්‍රවාහනය කිරීම සඳහා මෙම නිලධාරියා තම නිලඇඳුමින් සැරසී යමින් ඊට ආරක්ෂාව සහ රැකවරණය ලබා දී ඇතැයි කරුණු අණාවරණ වී තිබේ.
සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ පෑලියගොඩ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.
සුලෝචන දයානන්ද නමැති 36 හැවිරිදි ඔහු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සැරයන්වරයෙකු ලෙස සේවය කරමින් සිටි අයෙකි.
දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “කොස්ගොඩ තාරකගේ“ කුඩු ජාවාරමෙන් උපයාගත් මුදල් හැසිරවූ බවට අනාවරණ වීමෙන් පසු අත්අඩංගුවට ගෙන දැනට රැඳවුම් නියෝග මත සිටින රොහාන් ප්‍රදීප් නමැති සැකකරු සමඟ එක්ව ඔහු මෙම ජාවාරම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණ වී ඇත.
අත්අඩංගුවට ගැනුණු සැකකාර බන්ධනාගාර නිලධාරියා මේ වන විට පෑලියගොඩ පොලිස් ස්ථානයේ රඳවා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...