දේශීය පුවත්

ෂෝටෝකාන් කරාතේ ශෛලයෙන් ජාතික මෙන්ම ජාත්‍යන්තර දක්ෂතා පෙන්නුම් කළ උඩිස්පත්තුව අමු පිටිය ජාතික පාසලේ සහ උඩිස්පත්තුව ප්‍රාථමික  විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන ලබන සඳුන් සෙව්මිණ (16), දිව්මි තක්ෂ්මිලා (12), චේතන විදුෂාන් (10), ඔෂද විදුෂාන් (06) යන දරුවන් ඇගයීම සදහා පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා (24) කටයුතු කළේය.

ඒ අනුව මහනුවර උඩිස්පත්තුව ඇටඹගහවත්ත ප්‍රාදේශයේ ඔවුන්ගේ නිවස වෙත ගොස් එම දරුවන්ගේ දක්ෂතා අගය කර ඉදිරියේදී ඔවුන්ගේ තරගාවලි සදහා අවශ්‍ය කරන සහාය ලබාදෙමින් ඔවුන් සදහා සවියක්වීම සදහා ආණ්ඩුකාරවරයා කටයුතු කළේය.  හෙට දවසේ රටේ අනාගතය අද දවසේ දරු පරපුර මත තීරණය වන බවත්, මෙවන් දක්ෂතා ඇති දරුවන් ජාතික සම්පත් වශයෙන් සළකා ඔවුන්ගේ ඉදිරි අනාගතය වෙනුවෙන් ශක්තිය වීම අත්‍යවශ්‍ය බවත් මෙහිදී ආණ්ඩුකාරවරයා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය. මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, පළාත් පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂ අතුල ජයවර්ධන  යන මහත්වරුන් සහ එම දරුවන්ගේ ක්‍රීඩා උපදේශකවරයා වශයෙන් කටයුතු කරන එස්.සූරියභවන් මහතා ද එක් ව සිටියහ. උඩිස්පත්තුව ඇටඹගහවත්ත පදිංචි ප්‍රියන්ත සංජීව ධර්මරත්න සහ ඒ.ඩී.චාන්දනී යුවල මෙම දරුවන්ගේ මව්පියන්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More