රාජාංගනයේ ප්‍රෙද්ශ කිහිපයක සංචරණ සිමා අද (27) සවස ඉවත් කළ බව රාජාංගනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
ඒ අනුව සිරිමාපුර, යාය1 හි කොටසක්, යාය2 යන ප්‍රදේශවල මෙලෙස සංචරණ සීමා ඉවත් කිරිමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.
ඉකුත් 12 වැනිදා සිට රාජාංගනයේ ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා පනවා තිබුණි.
අදාළ ප්‍රදේශවල නිරෝධායන කාලසීමාවන් අවසන් වීමත් සහ සංචරණ සීමා පවනා තිබූ කාලය තුළ කොරෝනා ආසාදිතයින් වාර්තා නොවීමත් යනාදි කරුණු සැලකිල්ලට ගෙන සෞඛ්‍ය බලධාරීන් එම ප්‍රදේශවලට පනවා තිබූ සංචරණ සීමාවන් ඉවත් කර තිබේ.
යාය 3,4,5 සහ 6 ප්‍රදේශවලට පනවා ඇති සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක වන බවත් රෝගීන් වාර්තා නොවුනහොත් ඉදිරි දින කිහිපය තුළ එම ප්‍රදේශවල ද සංවරණ සීමා ඉවත් කිරීමට හැකි වනු ඇති බවත් රාජාංගනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නාර්යාලය පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...