පසුගිය අප්‍රේල් මාසයේදී එල්ල වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීව වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ගොනුකළ පෙත්සම අගෝස්තු 07 වැනිදා සිට විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) තීරණය කළේය.
මෙම පෙත්සම අද සලකා බැලුණු අවස්ථාවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝජනය කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා, තමන් පුද්ගලික හේතුවක් මත මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව ප්‍රකාශ කළේය. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයන් වන්නේ යසන්ත කෝදාගොඩ මහතා සහ එල්.ටී.බී. දෙහිදෙනිය මහතාය.
රිෂාඩ් බදියුදීන් මහතා මෙම පෙත්සමෙන් ඉල්ලා සිටින්නේ තමා අත්අඩංගුවට ගතහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි. මීට පෙර, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන්ද තමා මෙම ප්‍රහාරය සම්බන්ධ නොමැති බවට තීරණය කර ඇති බවද හිටපු ඇමතිවරයා සිය පෙත්සමෙන් පෙන්වා දෙයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා, එහි අධ්‍යක්ෂවරයා, විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...