පුත්තල දිස්ත්‍රික් පොදුජන පෙරමුණු කණ්ඩායම් නායක සනත් නිශාන්ත මහතා මැතිවරණ නීති ප්‍රසිද්ධියේම උල්ලංඝනය කරමින් මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සමාජ ජාල ඔස්සේ දැක ගැනීමට තිබේ.
ලියාපදිංචි නොකළ යතුරු පැදි වල හිස්වැසුම් ද නොමැතිව සිය ආධාරකරුවන් සමඟ මැතිවරණ ප්‍රචාරක කටයුතු වල යෙදෙන අයුරු එම වීඩියෝ පටයට ඇතුළත්ය.
මැතිවරණ නිතිය පමණක් නොව රථ වාහන නීතිරීති ද කඩමින් සනත් නිශාන්ත මහතා මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන අයුරු දැක්වෙන ජායාරූප පෙළක් ද සමාජ මාධ්‍ය තුළ ප්‍රදර්ශනය වන අතර පොලිස් නිලධාරියෙකුද මෙම නීති විරෝධී ක්‍රියා දැක දැක මුනිවත රකින අයුරු දැක්වෙන ජායාරූපයක්ද ඒ අතර වේ.
මිට පෙර ඔහු ධිවර රාජ්‍ය අමාත්‍යවරයාව සිටි අවස්ථාවේ මිගමුව කඩොලාන විනාශ කිරීමට ගත් උත්සාහයට සමාජයේ දැඩි ප්‍රසිද්ධියක් හිමි වූ අතර ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධතා ද එල්ල විය.
නොබෝදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වාහනයට බලෙන් මෙන් නැගගත් සනත් නිශාන්ත මහතාව ඉන් බස්සවා තවත් පොදුජන පෙරමුණු අපේක්ෂකයෙකු වන ප්‍රියංකර ජයරත්න මහතා වාහනයට නංවා ගැනීමේ සිද්ධියට ද සමාජයේ ප්‍රසිද්ධියක් ලැබිණි.



ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...