පුරවැසි කොලම

අප මේ වන විට දිවිගෙවන්නේ කොවිඞ් 19 නමැති මාරාන්තික වෛරස රෝගය පවතින සමාජයකය. මෙම රෝගය දැනට ලොව පුරා රටවල් 213 කට අධික සංඛ්‍යාවක පැතිර ගොස් ඇත. රෝගය වැළඳී මියගොස්  ඇති පිරිස ගැන විමසා බලන විට හෙළිවී ඇත්තේ සියයට 96 ක්ම සිටින්නේ බෝනොවන රෝගවලට ගොදුරුවූ අය බවය. එනම් දියවැඩියාව, අධිරුධිර පීඩනය, පිළිකා, වකුගඩු දුර්වලතා රෝග ආදියට ලක්වූවන් සහ එම රෝග නිසි ලෙස පාලනය කර නොගත් අය බවය. තවම මෙම රෝගය පාලනයට නිශ්චිත ඖෂධයක්  සොයාගෙන නැත. එනිසා අපට මෙම කොවිඞ් 19 රෝගය සමග දිවිගෙවීමට සිදුව ඇත. එසේ අප මෙම රෝගය සමග දිවිගෙවන්නේ කෙසේ දැයි කියා විමසා බලමු.

වෛද්‍යතුමනි ලොවපුරා පැතිර ඇති කොවිඞ් 19 වෛරස රෝගයට මුහුණදීම සම්බන්ධව පාරම්පරික වෙද පරපුරකින් පැවත එන සහ ආයුර්වේද වෛද්‍යවරයකු ලෙස ඔබ සාමාන්‍ය ජනතාවට දෙන උපදේශය කුමක්ද?

අපගේ ජීවිතයේ උපතේ සිට මරණය දක්වා ගමන් කරන පිළිවෙළක් තිබෙනවා. එම පිළිවෙළ තුළ දුර්වල කාල සහ දුර්වල නැති කාල කියා ජීවිතයේ අවස්ථාවන් කිහිපයකට අපට මුහුණ දීමට සිදුවෙනවා. කොවිඞ් 19 කියන්නේ වසංගත රෝගයකි. මෙවැනි වසංගත රෝගවලට අප අතීතයේ සිටම මුහුණදී තිබෙනවා. එම වසංගත රෝගවලින් යම් පිරිසක් මියයනවා. තවත් පිරිසක් සුවය ලබනවා. රෝගයෙන් මියයන පිරිස දෙස බැලීමේදී ඔවුන්ගේ වයස, කාය ශක්තිය සහ මානසික ශක්තිය පිළිබඳවත් විමසා බැලිය යුතුයි. ඒ අනුව ඔවුන් මියයෑමට බලපා ඇති හේතුව හඳුනාගත හැකියි. කොවිඞ් 19 එහෙමත් නැතිනම් අප පොදුවේ පවසන කොරෝනා රෝගයට ගොදුරුව  මියගොස් ඇති පිරිස දෙස බැලීමේදී හඳුනාගැනීමට හැකිවී ඇත්තේ ඔවුනට මෙම රෝගයට ඔරොත්තු දීමේ හැකියාව සිරුර තුළ තිබී නැති බවය. එනිසා මෙම රෝගය වැළඳුන සියලූ දෙනාම මියගොස් නැහැ. එහෙනම් අප මෙම රෝගයට අනවශ්‍ය ලෙස බියවිය යුතු නැහැ. කළ යුත්තේ රෝගය වැළඳීමෙන් මිදීමට අවශ්‍ය පියවර ගැනීම සහ රෝගය වැළඳුණ විට ඉන් සුවපත් වීමට අවශ්‍ය පියවර ගැනීමයි.

suwa1 1වසංගත රෝගයක් වේවා වෙනත් රෝග තත්ත්වයක් වේවා ඊට මුහුණදීමට සිරුරට හැකියාව ඇතිවන්නේ සිරුරේ ඇති රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව අනුවය.

මෙම ඔරොත්තු දීමේ හැකියාවට ප‍්‍රතිශක්තිය කියා පවසනවා. මෙම ප‍්‍රතිශක්තිය තීරණය වන්නේ සිරුරේ ඇති වසා පද්ධතිය, රුධිර පද්ධතිය ආදියෙහි ඇති ශක්තිමත් බව අනුවයි. ඒවායේ ශක්තිමත් බව වයස අනුව සිරුරේ පවතින රෝග අනුව වෙනස් වෙනවා.

රුධිරයෙහි ඇති රතු රුධිරාණු, සුදු රුධිරාණු සහ පට්ටිකා ආදියෙහි ශක්තිමත් භාවයට හෘදය වස්තුවේ ක‍්‍රියාකාරීත්වය, වකුගඩුවල ක‍්‍රියාකාරීත්වය, අක්මාවේ, පිත්තාශයේ, අග්න්‍යාසයේ ක‍්‍රියාකාරීත්වය ඇතුළු සෑම ඉන්ද්‍රියයකම ක‍්‍රියාකාරීත්වය බලපානවා. මෙම ඉන්ද්‍රියන්ගේ ක‍්‍රියාකාරීත්වය දුර්වල වන විට සිරුරේ ප‍්‍රතිශක්තියත් දුර්වල වෙනවා. සිරුරේ ඉන්ද්‍රියයන්ගේ මනා ක‍්‍රියාකාරීත්වය සඳහා අප ගනු ලබන ආහාර පානවලින් විශාල බලපෑමක් සිදුවෙනවා. එහිදී ආහාර ගනු ලබන වේලාව, ගනු ලබන ආහාරපාන ආදිය මෙහිදී ඉතා වැදගත්ය. අප දවසේ ගනු ලබන ප‍්‍රධාන ආහාර වේල් තුන නිසි වේලාවට ගතයුතුයි. උදෑසන ආහාර වේල පෙරවරු 8.00 පමණ වන විට ගෙන අවසන් කළ යුතුයි. දහවල් ආහාර වේල පස්වරු 1.00 පමණ වන විට ගෙන තිබිය යුතුයි. රාත‍්‍රි ආහාර වේල රාත‍්‍රි 7.00 පමණ වන විට ගෙන අවසන් කළ යුතුයි. දිනකට ජලය ලීටර් 4ත් 6ත් අතර ප‍්‍රමාණයක් පානය කළ යුතුයි. හොඳ පෝෂ්‍යගුණයෙන් යුත් ආහාර වේලක් ගැනීම සිදුකළ යුතුයි.

ආහාර ගැනීමේදී සම්පූර්ණයෙන් ආමාශය පිරෙන්න ආහාර නොගත යුතුයි. ඉන් අඩක් පමණ පිරෙන්න පමණයි ආහාර ගතයුත්තේ. ආහාර ගත් විගස වැඩිපුර ජලය පානය කරන්න හොඳ නැහැ. එසේ වූ විට ආමාෂයේ ආහාර පල්වීමක් සිදුවෙනවා. එවිට ආම වාතය (ගැස්ට‍්‍රයිටීස්) හටගන්නවා. ආහාර ජීර්ණයට ආමාශයේ ඉඩක් සහිතව ආහාර ගත් විට ආමයක් ඇති නොවී හොඳින් ආහාර ජීර්ණය සිදුවෙනවා. එසේ හොඳින් ආහාර ජීර්ණය වූ විට ආහාරයේ ඇති පෝෂ්‍ය කොටස් රස, රක්ත, මාංශ, මේද, අස්ථි, මජ්ජා සහ ශුක‍්‍ර බවට පත්ව සිරුරට උරාගන්නවා. මෙම පෝෂ්‍ය කොටස් රුධිරයේ සිට ශුක‍්‍රාණු දක්වා සිරුරේ සෑම පද්ධතියකටම ගමන් කර සිරුර ශත්තිමත් කරනවා. එවිට සිරුරේ ප‍්‍රතිශක්තියත් හොඳින් ක‍්‍රියාත්මක වෙනවා.

එසේම ප‍්‍රතිශක්තිය වර්ධනය කරගැනීම සඳහා අපගේ  දේශීය වෛද්‍ය ක‍්‍රමයේ ඇති හොඳම ඖෂධ වර්ග ලෙස කුළුබඩු හඳුනාගෙන තිබෙනවා. එම කුළුබඩු අතර කොත්තමල්ලි, අබ, ඉගුරු, සූදුරු, වසාවාසි, සාදික්කා, කරඳමුංගු, ඉ`ගුරුපියළි, ගම්මිරිස් ඇට, උළුහාල්, වදකහ, කහ, වෙනිවැල්ගැට, සියඹලා, ගොරකා, කංසා, සහිඳ ලූනු, කුරුඳුපොතු ආදිය දැක්විය හැකියි. මේවායේ සිරුරේ ප‍්‍රතිශක්තිය වර්ධනය කිරීමට අවශ්‍ය පෝෂ්‍ය ගුණය තිබෙනවා. අප වැනි රටවල ජනතාව බොහෝ වසංගත රෝගවලින් ආරක්ෂාවී සිටින්නේ මෙම කුළුබඩු වර්ග නිතර ආහාරයට එක්කර ගැනීම නිසා බව හඳුනාගන තිබෙනවා. එසේ නම් අපට මෙම කොරොනා වෛරස රෝගයට ගොදුරු නොවී ජීවත්වීමේ අවස්ථාව ඉතා හොඳින්ම පවතිනවා. ඒ සඳහා අප කළ යුත්තේ නිසි පෝෂ්‍ය ගුණයෙන් යුත් ආහාරපාන දිනපතා ගැනීමයි.

වෛද්‍යතුමනි සිරුරේ ප‍්‍රතිශක්තිය දුර්වල කරන රෝගවලින් ආරක්ෂාවී මෙම රෝගයට ගොදුරුවීම වළක්වා ගන්නේ කෙසේද?

අපරේ සිරුරේ ප‍්‍රතිශක්තිය දුර්වල කරන රෝග ලෙස දියවැඩියාව, පිළිකා, වකුගඩු රෝග, ඒඞ්ස් වැනි වෛරස රෝග ආදිය හඳුනාගෙන තිබෙනවා. මෙම රෝගවලින් වැළකී සිටීමට මෙන්ම රෝග ඇතිවූ විට ඒවා සුවපත් කර ගැනීමටත් ඖෂධ ප‍්‍රතිකාර අප වෛද්‍ය ක‍්‍ර‍්‍රමයේ තිබෙනවා. එනිසා පළමුව කළ යුත්තේ මෙවැනි රෝග ඇතිවීම වළක්වා ගැනීමට පියවර ගැනීමයි. ඒ සඳහා මා ඉහත සඳහන් කළ කුළුඩු වර්ග යෙදූ ආහාර දිනපතා ගැනීම කළ හැකියි.

පිළිකා වැනි රෝග ඇතිවීම වළක්වා ගැනීමට සහ ඒවා ඉක්මනින් සුවපත් කරගැනීමට දිනපතා ගත හැකි ආහාර වර්ගයක් ලෙස මඤ්ඤොක්කා හැඳින්විය හැකියි. මඤ්ඤොක්කා ග‍්‍රෑම් 50 ක් පමණ ප‍්‍රමාණයක් ගෙන හොඳින් කොටා එය පිරිසිදු ජලය කෝප්පයක රාත‍්‍රියට දමා තබන්න. එසේ තැබූ මඤ්ඤොක්කා පිටි සහිත ජලය උදෑසනට හිස්බඩ පානයට දිනපතා හුරුවීමෙන් පිළිකා ඇතුළු රෝග රැුසක් ඇතිවීම වළක්වා ගත හැකියි. එසේම මතුව ඇති පිළිකා ඇතුළු රෝග රැුසක් ඉක්මනින් සුවපත් කරගත හැකියි. සුදුලූනු බිකක් සහ උළු හාල් ටිකක් වතුර කෝප්පයකට දමා රාති‍්‍ර කාලයේ තබා උදෑසනට හිස්බඩ පානය කිරීමත් පිළිකා රෝග පාලනයට ගුණ දායකයි. ඉ`ගිනි ඇට පිටි ටිකක් රාත‍්‍රියට වතුර කෝප්පයක දමා තබා උදෑසනට හිස් බඩ පානය කිරීමත් පිළිකා ඇතිවීම පාලනයට ගුුණදායකයි. එසේම උදෑසනට කොළ කැඳ වර්ගයක් පානයට හුරුවීමත් ඉතා හොඳයි. ඇතැම් කොළ කැඳ වර්ග සිරුරේ මතුව ඇති පිළිකාව අනුව පානය කිරීම මගින් එම පිළිකා සුවපත් කරගත හැකි බව අපගේ හෙළ වෙදකමට අනුව හඳුනාගෙන තිබෙනවා.

උදාහරණයක් ලෙස පෙනහැල්ල ආශ‍්‍රිත පිළිකා ඇති අයට කුප්පමේනියා, යකිනාරං, ගොටුකොළ, මොණරකුඩුම්බිය, එළබටු දළු, මුකුණුවැන්න ආදිය මිශ‍්‍රකර සකස්කර ගත් කැඳ වර්ගයක් පානය ගුණදායකයි.

අක්මාව, අග්න්‍යාසය, පිත්තාශය ආශ‍්‍රිතව හටගෙන ඇති පිළිකා සුවය සඳහා මොණරකුඩුම්බිය කැඳ, ඇඹරැුල්ලා පොතු කැඳ, හීන් බෝවිටියා කැඳ, යකිනාරං කැඳ ආදිය ඉතා ගුණ දායකයි. මුත‍්‍රා පද්ධතිය ආශ‍්‍රිත පිළිකා සඳහා බෙහෙත් සාරණ කැඳ, පොල්පලා කැඳ, නීරමොල්ලිය කැඳ පානය කළ හැකියි. බඩවැල් ආශ‍්‍රිත පිළිකා ඇති අයට සුදුවෙල්ලන්කොළ කැඳ, කටුපිල කොළ කැඳ ආදිය පානය ගුණදායකයි. ගුද මාර්ගය ආශ‍්‍රිතව පිළිකා ඇති අයට කොහිල අල සහ කොහිල දළු කැඳ පානය කළ හැකියි.

කොලෙස්ටරෝල් සහ දියවැඩියාව රෝග ඇති අයට කරපිංචා කොළ කැඳ පානය ඉතා ගුණ දායකයි.

බඬේ අජීර්ණ සඳහා සහ ලේ පිරිසිදුවීමට ඉරමුසු කැඳ ගුණදායකයි. බෙලි කොළ කැඳ පානය මගින් සිරුරේ ඇති විෂ නසනවා. එමගින් ප‍්‍රතිශක්තිය වර්ධනය කරනවා. මේ අනුව මතුව ඇති රෝග පාලනය කරගෙන සිරුරේ ප‍්‍රතිශත්තිය වර්ධනය කරගෙන කොරෝනා වැනි වසංගත රෝගවලින් මිදී අකාලයේ ජීවිත හානි සිදුවීම වළක්වාගන්න ඕනෑ තරම් ප‍්‍රතිකාර සහ ඖෂධ අපගේ වෙදකම තුළ තිබෙනවා.

suwa1 2



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More