රටේ ජනතා මුදල්වලින් රුපියල් කෝටි පහක් වැය කර එක් තක්කඩියෙකු පාර්ලිමේන්තු යවා වැඩක් නැතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවැසීය.
‘‘පැෆරල්’’ සංවිධානයේ දේශීය මැතිවරණ නිරීක්ෂකයින් දැනුවත් කිරීම සඳහා පැවැති වැඩ සටහනක දී රෝහණ හෙට්ටිආරච්චි මේ අදහස් ප්‍රකාශ කළේය.
ජනතා නියෝජිතයෙකු ලෙස තෝරා පත් කර ගැනීමේ දී නිසි සලකා බැලීමක් සිදු වන්නේ නැහැ. බාහිර කාරණා රැසක් අනුව මාධ්‍ය චරිත හදනවා. මෙය තනිව මාධ්‍යයට, සිවිල් සංවිධාන හෝ මාර්තු 12 ව්‍යාපාරයට පමණක් සිදු කළ හැකි දෙයක් නෙමෙයි. මේක ගැන රටේ සාමාන්‍ය ජනතාව කතා කරන තැනට ගෙන ඒම සිදු විය යුතුයි.
පාර්ලිමේන්තුවේ දෙසිය විසිපස් දෙනාම එපා කියලා කිව්වත් නැවත ජනතාව එවුන් වටා පෙළ ගැසෙනවා. මන්ත්‍රීවරයා අවශ්‍ය තමන්ගෙ ළමයාව හොඳ පාසලකට දාගන්න, ගමේ පාර හදාගන්න, රස්සාවක් ඉල්ලගන්න කියලා අපේ රටේ බොහෝ දෙනා තවම හිතන්නෙ. රටේ රැකියා නැති සියලු දෙනාට රැකියා ලබා ගැනීමට වැඩපිළිවෙළක් සැකැසීම මන්ත්‍රීවරයාගේ කාර්ය භාරය කියලා කවුරුත් හිතන්නෙ නෑ. ර ෙට් සෑම දරුවෙකුටම හොඳ පාසලක් හදල දීම මන්ත්‍රීවරයාගේ වගකීම කියලා කවුරුත් හිතන්නෙ නෑ.
සමහර මන්ත්‍රීවරුන් මාස ගණන් පාර්ලිමේන්තුවට යන්නෙ නෑ. ගියත් සමහරු කතා කරන්නෙ නෑ. හැම මළගෙදරකම ගියත්, ගමට මොනතරම් හොඳ වුණත් මෙවැනි මන්ත්‍රීවරුන්ගෙන් රටට වැඩක් තියෙනවද කියලා ජනතාව කල්පනා කළ යුතුයි. පාර්ලිමේන්තුවේ දී කළ යුතු දේ පාර්ලිමේන්තුවේ දී කරන්නෙ නැති නම් ඔහුගෙන් වැඩක් නෑ. මූල්‍ය කළමනාකරණය සිදුවන තැන පාර්ලිමේන්තුවයි. නමුත් මූල්‍ය කළමනාකරණයට ගිය අය මූල්‍ය වංචා කරලා තියෙනවා. මේක වෙනස් කිරීමට නම් ඊට ගැළපෙන මිනිස්සු පාර්ලිමේන්තුවට යැවිය යුතුයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...