පනින අයනම් පාර්ලිමේන්තුවට එවන්න එපා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලයි. කෙළින් වැඩ කරන කෙලින් තීන්දු ගන්න අය පමණක් පාර්ලිමේන්තු එවන්නැයි ඔහු ඉල්ලා සිටි.
මීගමුවේ පැවති කාන්තා රැස්වීමකට සහභාගි වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.
මෙහි දි වැඩිදුරටත් අදහස් දැක් වූ බැසිල් රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය.
“ පළාත් පාලන ඡන්දය දින්නේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණයි. ප්‍රධාන පක්ෂ සියල්ලම පරද්දලා තමයි පොහොට්ටුව දින්නේ. ජනාධිපතිවරණයේ දි ජනාධිපති ඉදිරිපත් වුණෙත් පොහොට්ටු පක්ෂයෙන්. පක්ෂය පිහිටුවලා කෙටි කාලයකින් අපි ජාතික මැතිවරණ දෙකක් දින්නා. අපිට දැන් ජනාධිපති කෙනෙකුත් ඉන්නවා. ඒ වගේ ම අගෝස්තු 05 වෙනිදාට පොහොට්ටුව නැවත වාරයක් ජාතික මැතිවරණ තුනක් දිනන එකම පක්ෂය බවට පත්වෙනවා.
යුද්ධය අවසන් කළාට පස්සෙත් 2010-2015 වෙන තෙක් මහින්ද ජනාධිපතිතුමා මේ මුළු රටම මහාමාර්ග පද්ධතිය වැලදගන්න විදිහට හරිගස්සගෙන ගියා. අධිවේගී මාර්ග හැදුවා. පළාත් මාර්ග හැදුවා. ඒ වගේම තමයි මුළු රටටම ජල යෝජනා ක්‍රම වගයක් සූදානම් කළා. අපි කියනවා ඊලග පාර්ලිමේන්තු ජනාධිපතිවරණ මැතිවරණ වලට එන්නේ මේ රටේ ජනතාවට පානීය පිරිසිදු ජලය ලබා දීමෙන් පස්සේ. අනිවාර්යෙන්ම අපි පරිසරය රැකගන්න ඕනේ. මේ රට නැවත මහ පොළොව සරු පොළවක් බවට පත්කරනවා. මේ දේවල් කරන්නේ ඔබ වෙනුවෙන්ම පමණක් නෙමෙයි. ඔබේ දරුවන් හා දරුවන්ගේ දරුවන් වෙනුවෙන්. ඒ කාර්යන් කරන්න අතිගරු ජනාධිපතිතුමාවයි, අගමැතිතුමාවයි,ඇමති කාර්ය මණ්ඩලයට ඒ ශක්තිය සදහා සුදුසු කාර්යශූර,අවංක පුද්ගලයින්ව පාර්ලිමේන්තුවට එවන්න. නැතුව හදිසියක් වුණාම පනින කට්ටියව නම් එවන්න එපා. මොකද එහෙම වුණොත් ලෙඩක් වෙනවා. කෙළින් කට්ටියව එවන්න පාර්ලිමේන්තුවට”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...