ප‍්‍රධාන පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අප්‍රේල් 04 වෙනිදා අනිවාරයෙන්ම පාර්ලිමේන්තුවට පැමිණෙන බවත් විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීමේ සටනේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියෙන්ම සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මනත්‍රි විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශ්වාසභංග යෝජනාවට සහයෝගය ලබානොදෙන බවට මේ වන විට දේශපාලන වශයෙන් බංකොලොත් වී සිටින එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් විවිධ අසත්‍ය ප්‍රචාර ගෙනයන බවත් වීරවංශ මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා මහබැංකු බැදුම්කර වංචාවට අනුබලදෙමින් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මේ රටට විශාලතම පාඩුව සිදුකර තිබෙන බවත් තවදුරටත් රට විනාශයකරා ගෙන යාමට ඉඩ නොදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීන්දු කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම විස්න බවද විමල් වීරවංශං මන්ත්‍රිවරයා සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය විසින් තම වගකීම් කොටස මේ වන විට උපරිම ආකාරයෙන් ඉටුකර තිබෙන බවත් දැන් ඉතිරිව ඇත්තේ අනෙක් පාර්ශවවල වගකීම බවද මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීමේ අලුත්ම තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් කැදවා තිබෙන බවද පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More