දේශීය පුවත්

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු වන මාකඳුරේ මදූෂ් සහ කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයින් දෙදෙනෙකු කොටහේන ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබ‍ෙ.

ඒ, කොටහේන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින්.

කොටහේන මහා විද්‍යාලය අසලදී අත්අඩංගුවට ගෙන ඇති එක් සැකකරුවෙකු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික මාකඳුරේ මදූෂ් සමග ඩුබායිහිදී සමීප සබඳතා පැවැත්වූ අයෙකු බවයි පොලීසිය සඳහන් කරයි. එසේම 2018 වසරේදී පාතාල සිද්ධියක් සම්බන්ධයෙන් අලූත්කඬේ පල්ලිය අසලදී වෙඩි තබා ඝාතනය කෙරුණු මොහොමඞ් හුසෙයින් මොහොමඞ් රිස්කාන් නමැත්තා සමග ද මෙම සැකකරු සමීප සබඳතා පවත්වා ඇති බව අනාවරණ වී තිබේ.

43 හැවිරිදි මෙම සැකකරු වැල්ලම්පිටිය වෙන්නවත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු අලූත්කඬේ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට අද (27) ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර හෙරොයින් ග‍්‍රෑම් 01 යි මිලිග‍්‍රෑම් 800 ක් සන්තකව සිටි තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු කොටහේන මැල්වත්ත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු අතර ඔහු දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකි.

2019 වසරේ පෙබරවාරි 14 වැනිදා ආශා පාරික් කමල්දීන් නමැත්තියකට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබලදීමේ චෝදනා එල්ල වී ඇති මෙම සැකකරු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති පුද්ගලයෙකු බව ද පොලීසිය පවසයි.

30 හැවිරිදි එම පුද්ගලයා කොළඹ 12, මෛතී‍්‍රබෝධිරාජ මාවත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර දැනට අත්අඩංගුවට ගෙන සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන රන්සිලිපේලිගේ බුද්ධික ප‍්‍රසාද් නොහොත් ‘‘ආමි සුරංග’’ නමැත්තා සන්තකයේ තිබී පොලිස් කොස්තාපල් රියදුරෙකුට අයත් හැඳුනුම්පතක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

ඒ අනුව මෙම ‘‘ආමි සුරංග’’ නමැත්තා අදාළ හැඳුනුම්පත භාවිත කරමින් අපරාධ සිදුකළේ ද යන්න සොයාබැලීම සඳහා කටයුතු කරන්නැයි වැඩබලන පොලිස්පතිවරයා විසින් දිවයිනේ සියලූ පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදී ඇති බව වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More