නාකොටික්, එස්.ටී.එෆ්. සහ සී.අයි.ඩී නිලධාරීන් අධීක්ෂණය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන ලෙස ජාතික පොලිස් කොමිසම වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.
ඒ අනුව මාසයක් ඇතුළත එම ක්‍රමවේදයන්ට අදාළ යෝජනා ඉදිරිපත් කරන ලෙස ද වැඩ බලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇතැයි ජාතික පොලිස් කොමිසමේ ලේකම් නිශාන්ත වීරසිංහ මහතා පවසයි.
මෑත කාලයේ මත්ද්‍රව්‍ය ජාවාරමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඇතැම් නිලධාරීන් සම්බන්ධ බවට අනාවරණය වූ තත්ත්වයන් සැලකිල්ලට ගෙන ජාතික පොලිස් කොමිසම අදාළ දැනුම් දීම කර තිබේ.
මේ යටතේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි සංවේදී අංශයන්හි කටයුුතු කරන නිලධාරීන්ගේ සම්පූර්ණ ක්‍රියාකාරකම් මාස හයෙන් හයට අධීක්ෂණය කිරීමට අපේක්ෂිතය.
එමෙන්ම අදාළ අංශයන්හි නිලධාරීන්ගේ බැංකු ගිනුම් සහ වත්කම් පරීක්ෂා කිරීමට ඇති නෛතික තත්ත්වයන් සොයා බලන ලෙස ද පොලිස් කොමිසම වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...