බන්ධනාගාරගත රැඳවියෙකුගේ මෙහෙයවීම මත විදෙස් භාණ්ඩ මෙරටට ගෙන්වා බෙදාහරින කුරියර් සමාගමක් හරහා සිදුකරගෙන ගිය මත්පෙති ජාවාරමක් පිළිබඳව කොළඹ මධ්‍යම කොට්ඨාෂ දූෂණ මර්දන ඒකකය තොරතුරු අනාවරණ කරගෙන තිබේ.
ඒ, කොළඹ තරුපහේ හෝටලයක රැදී සිටිමින් මත් පෙති අළෙවි කිරීමේ ජාවාරමක නිරත වුණු පුද්ගලයින් දෙදෙනෙකු මත් පෙති 5600 ක් සමග අත්අඩංගුවට ගැනීමත් සමගය.
ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලි ග්‍රෑම් 400 ක් සොයාගෙන ඇත.
එම දෙදෙනාගෙන් එක් සැකකරුවකු ජූලි 31 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර අනෙක් සැකකරුගෙන් දින හයක කාලයක් රඳවා තබාගැනීමේ නියෝග මත ප්‍රශ්න කෙරෙමින් පවති.
පොලීසිය පැවසුවේ, සැකකරුවන් සතුව තිබූ සමස්ත මත් පෙති තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 14 ත් 28ත් අතර වන බවය.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, අංගොඩ පදිංචි වයස අවුරුදු 29 ක පුද්ගලයෙක් සහ වත්තල, මාබෝල පදිංචි වයස අවුරුදු 20 ක අයෙකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...