දේශීය පුවත්

අද (26) මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ගණන 07 ක් වන අතර ඔවුන්ගෙන් තිදෙනෙක් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර අනෙක් සිව්දෙනා කටාර් රාජ්‍යයේ සිට පැමිණි අය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 2,777කි.

මෙ අතර, අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් පලා ගොස් සිටියදී ආරක්ෂක අංශ භාරයට ගැනුණු කොවිඩ් ආසාදිතයා කන්දකාඩු කොවිඩ් ප්‍රතිකාර රෝහල වෙත යොමු කළ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

අදාළ ආසාදිතයා තමා ජාතික රෝහලට පැමිණි ආකාරය පිළිබඳව ව්‍යාජ තොරතුරු පොලිසියට පවසා තිබූ පසුබිමක ඔහු කොළඹ තවත් මාර්ග කිහිපයකම සහ ස්ථාන කිහිපයකම සැරිසරා ඇතැයි ආරක්ෂක අංශ මේ වනවිට හඳුනාගෙන තිබේ.

අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් පලා ගිය කොවිඩ් ආසාදිතයා ජාතික රෝහලට පැමිණිමට පෙර එදින අලුයම ගමන්ගත් ස්ථාන හඳුනාගැනීම සඳහා පොලිස් විමර්ශන මේ වනවිට ක්‍රියාත්මකව පවති.

රෝහලේ උඩුමහලේ වාට්ටුවක සිටි අදාළ ආසාදිතයා එහි ජනේලයකින් පැන , පිටුපස තාප්පයකින් මාර්ගයට පිවිස ඇතැයි දැනට හඳුනාගෙන තිබේ.

අදාළ තාප්පයේ ආරක්ෂිත කම්බි සවි කර තිබෙන නමුත් එක් ස්ථානයක කම්බිය ගැලවී ඇත.

අනතුරුව ආසාදිතයා පැමිණ තිබෙන්නේ රෝහලට යාබද මල්පුර මාර්ගයටය.

මල්පුර සිට හල්ගහදෙණිය මණ්ඩවිල පාරට පැමිණෙන ඔහු එහි නිවසක එළිමහනේ තිබූ ඇඳුම් සොරගෙන තිබුණි.

අග්ගොන ප්‍රදේශයට ඔහු පැමිණෙන්නේ ඇඳුම් මාරුකරගැනීමෙන් අනතුරුවය.

අග්ගොන කලපලුවාව මාර්ගයේ එන ඔහු යාබද ස්ථානයක මද වේලාවක් ගත කර එම ස්ථානයෙන් පිටව යයි.

අනතුරුව අග්ගොන මංසන්ධියට යාබද බෝඩිමක තිබූ පාපැදියක් ඔහු සොරකම් කර තිබෙන අතර එතැන් සිට ඔහු ගමන්ගෙන ඇත්තේ එම පාපැදියෙනි.

ඉන්පසු කලපලුවාව ඔස්සේ බත්තරමුල්ලටත් අනතුරුව රාජගිරිය කොටා පාර ඔස්සේ බොරැල්ල දෙසටත් ඔහු පැමිණ ඇති බවට සැක කරයි.

ඔහු අදාළ පාපැදියෙන්ම පිටකොටුව දක්වා පැමිණියේද නැතහොත් අතරමගදී වෙනත් ප්‍රවාහන මාධ්‍යයක් භාවිත කර තිබේද යන්න පිළිබඳ විමර්ශන ක්‍රියාත්මකය.

ඔහු ජාතික රෝහල අසලට රැගෙන ආ ත්‍රිරෝද රථ රියදුරුගේ ප්‍රකාශය අනුව දැනට අනාවරණ වී තිබෙන්නේ ඔහු පිටකොටුවේ සිට පැමිණි බවය.

මොහු ත්‍රිකුණාමලයේ පදිංචිව සිටි අයෙකු වුවද කොළඹ නගරයේ ස්ථාන පිළිබඳව දැඩි අවබෝධයක් පැවති අයෙකු බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

මෙවැනි පසුබිමක් තුළ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ආරක්ෂාව තර කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More