ප‍්‍රධාන පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්වී තිබෙන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයේන සාකච්ඡා කර තීරණයක් ගැනීම සදහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මනත්‍රිවරුන් 7 දෙනාගේ විශේෂ රැස්වීමක් හෙට (02) සවස් කාලයේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී රැස්වීමට නියමිතයි.

මෙම සාකච්ඡාවේදී විශ්වාසභංග යෝජනා සම්බන්ධයෙන් තීරණයක් ගෙන ඉන් පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවනබව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායක ක්‍රිඩා නියෝජ්‍ය අමාත්‍ය එම්. එම්. හාරිස් මහතා ප්‍රකාශ කළේය.

වර්තමාන ආණ්ඩුව සමග ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ගැටළු රැසක් තිබෙන බවත් එම ගැටළුවලට කඩිනමින් විසදුම් ලැබීම අත්‍යවශ්‍ය කරුණක් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මුස්ලිම් ජනතාව 10% ක් සිටියද පළාත් සභා කොට්ඨාස නීරණයෙදී මුස්ලිම් ජනතාවට ලබා දී තිබෙන්නේ 5.8% ක අනුපාතයක් වීම, මහනුවර සිද්ධිය ඇතිවීමට පෙර එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම, ජාතිවාදී ආගම්වාදී ප්‍රකාශ පාලනය කිරීමට නීති කඩිනමින් සම්පාදනය නොකිරීම පොරොන්දුවූ පරිදි පළාත් පාලන ආයතනවල තනතුරු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ලබා නොදී ඇතුළු කරුණු රැසක් ගැන අද පැවැත්වෙන සාකච්ඡාවේදී අවධානය යොමුකරන බවද නියෝජ්‍ය අමාත්‍ය එච්. එම්.එම් හාරිස් මහතා ප්‍රකාශ කළේය.

මීට පෙර සාකච්ඡා කිරීම සඳහා පැමිණෙන ලෙස අග්‍රාමාත්‍යවරයා තම පක්ෂයට ආරාධනා කළබවත් ඊට සහභාගී නොවු බව ප්‍රකාශ කරන එච්. එම්. එම්. හාරිස් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ අද පැවැත්වෙන පක්ෂයේ සාකච්ඡාවෙන් අනතුරුව බොහෝ දුරට 03දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More