ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා අක්මා බද්ධ සැත්කම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ දී සාර්ථකව සිදුකර තිබේ.
දිවයින පුරා සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සක්‍රීය දායකත්වය ද සමග විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය රොහාන් සිරිවර්ධන මහතා ප්‍රධාන ශල්‍ය වෛද්‍ය කණ්ඩායම විසින් මෙම සැත්කම සිදුකර ඇත.
මෙම මස 14 වන දින උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අක්මා බද්ධ කිරීමේ ඒකකය මගින් ජීවී දායකයෙකුගේ අක්මාවකින් කොටසක් උපයෝගී කරගනිමින් වයස අවුරුදු 09ක් වන සිරෝසීස් රෝගයෙන් දීර්ඝකාලීනව අපහසුතා විදි දරුවෙකුට මෙම සැත්කම සිදු කර තිබේ.
“මට අලුත් අක්මාවක් සමගම අලුත් ජීවිතයක් ලබා දුන් ඔබට ස්තුතියි. ඔබ මට කළා මෙන් හොදම දෙයක් ලෝකයට සිදු කිරීමට මම පොරොන්දු වෙමි. කරුණාකර අනෙක් යාළුවන්ටත් උදව් කරන්න. අපට ජීවත් වෙන්න තව එක අවස්ථාවක් උදා කර දෙන්න.” යැයි සුවය ලද දැරිය පවසා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...