Covid 19 පරීක්ෂණ තවදුරටත් ව්‍යාප්ත කරමින් බාහිර සමාජය තුළ අහඹු නියැදි පරීක්ෂා කිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කර තිබෙන අතර එහිදී සෑම දිස්ත්‍රික්කයකම සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයකම සෑම මාසයක් තුළම ජනගහන අනුපාතයට සකස් කළ නියැදියක් අනුව එය පරීක්ෂා කිරීම සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත විද්‍යා ඒකකයේ ප්‍රධානී විද්‍යාඥ සුදත් සමරවීර මහතා පවසයි.
එහිදී මාසයකට අවම වශයෙන් PCR පරීක්ෂණ 37,000කට වැඩි ප්‍රමාණයක් සිදුවන බවයි සමරවීර මහතා සඳහන් කරන්නේ.
කොළඹ දිස්ත්‍රික්කය,කොළඹ නගර සභාව වැනි විශේෂ අවධානමක් පවතින ප්‍රදේශවල අමතර PCR පරීක්ෂණ සිදුකරන බව ඔහු කියා සිටියි.
මේ වන විට රට තුළින් වාර්තා වන සියලුම කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වන්නේ නිරෝධායනය කළ සිටින අය අතරින් වන අතර ඉන් පරිබාහිරව කිසිදු කොවිඩ් 19 රෝගියෙකු වාර්තා වී නැත.
එහෙත් මෙතෙක් මඟ හැරුණු ආසදිතයෙක් සිටිය හැකි අතර එම රෝගියා මඟින් වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින නිසා සෞඛ්‍ය ආරක්‍ෂිත පිළිවෙත පිළිපැදිය යුතු බවයි සුදත් සමරවීර මහතා අවධාරණය කරන්නේ.
කන්දකාඩු පොකුරේද අවසාන රෝගියා තෙක් නිරෝධායනය සහ PCR පරීක්ෂණ සිදුකරන අතර එම පොකුරෙන් එහාට සමාජයට රෝගය ව්‍යාප්ත වීමක් මේ අවස්ථාවේ සිදු නොවන බවද ඔහු පවසයි.
ලොව බොහෝ රටවල Covid 19 දෙවන රැල්ලක් ඇති වුවද ශ්‍රී ලංකාවේ එසේ නොවුණේ විශේෂ නිරෝධායන වැඩපිළිවෙල නිසා බව හෙතෙම පෙන්වාදෙයි.
”රෝග ආශ්‍රිතයින්ගේ සිට සැකකටයුතු අය පවා නිරෝධායනය කළා. එම නිරෝධනය වෙනම ස්ථානයක, ආයතනයක කළේ. එම නිරෝධයනයෙන් පසු නිවසේදීත් තව සති දෙකක කාලයක් ස්වයං නිරෝධායනය කළා. මේ අතර රෝගීන් හෝ සැකකටයුතු සියලු දෙනා රෝහල් තුළ හෝ ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ රඳවා ගෙන ප්‍රතිකාර කළා.”
එම තත්ත්වය මත ශ්‍රී ලංකාව තුළ Covid 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමට හැකිව තිබේ.
අද (26) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින සුදත් සමරවීර මහතා මෙම අදහස් පළකරන ලදී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...