දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට ආණ්ඩුවතුළින්ම ප්‍රබල බලපෑමක් එල්ලවී ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත්ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.

අප්‍රේල් 04 වැනිදා විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට ආණ්ඩුවේම ප්‍රබල පාර්ශව දෙකකින්ම මෙම යෝජනාව ඉදිරිපත්වී ඇති බවට තමාට ඉතාම විශ්වාසවන්ත කටයුතු මාර්ගයකින් දැනගන්නට ලැබී තිබෙන බවද රංජිත් ද සොයිසා මහතා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසකගෙන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ පිරිසකගෙන් මෙම බලපෑම එල්ලවී තිබෙන බවද මනත්‍රිවරයා සදහන් කරයි.

විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාද කිරීමට පෙර අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස් නොවුණොත් අප්‍රේල් 04 වැනිදාට වත්මන් සම්මුතිවාදී ජාතික ආණ්ඩුව අහෝසිවන නිසා ඊට පෙර මෙසෛ් ඉල්ලා අස්වන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත බලපෑම් එල්ලවීමට පටන්ගෙන තිබෙන බවද ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මනත්‍රි රංජිත්ද සොයිසා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More