දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකයාගෙන් පසු තමන්ද එම පක්ෂයේ නායකධුරය දැරීමේ කැමැත්තෙන් සිටින බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පවසයි.

පසුගිය (24) නුවරඑළිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

සෑම කෙනෙකුටම සිහින තිබෙන බවත්, වයෝවෘධ වීමට පෙර එම සිහින ඉටු කර ගැනීමට සෑම කෙනෙකුම කැමැත්තෙන් සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.

එහිදි ඔහු පැවසුවේ ” නායකතුමාට සිහින තියෙනවා වගේම අපි සියලුදෙනාටම සිහින තියෙනවා. වයසට යන්න ඉස්සෙල්ලා 60 වෙන්න ඉල්සෙල්ල අපි අපේ සිහින සැබෑ කරන්න අවශ්‍යයි. ” යනුවෙනි.

එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතාත් සමග අත්වැල් බැඳගනිමින් සිය සිහින ඉටු කරගැනීමට බලාපොරොත්තු වන නමුත් ඒ සඳහා නායකවරයාගේ සහය අවශ්‍ය නොවන බවද ඒ මහතා පැවසීය.

එහිදි ඔහු පැවසුවේ ” ඔබ තුමාගෙන් පස්සේ නායකත්වය මමත් බලාපොරොත්තු වෙනවා. එකට මට ඔබතුමාගේ සපොට් එක ඕනේ නෑ. ඔබතුමා නිව්ට්‍රල් ඉන්න ඒ ෆයිට් එකේ. ඔබතුමා ස්වාධීනව ඉන්න. මිනිස්සුන්ගේ සහයෙන් මම බලාපොරොත්තු වෙනවා ඒ තැනට එන්න.”

එමෙන්ම පක්ෂය ඉතාමත් විධිමත්ව ප්‍රතිසංවිධානය විය යුතු බවත් එය පාක්ෂිකයින්ගේ බලාපොරොත්තුව බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම ජනහුමුව අමතන විට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද ඊට එක්ව සිටියේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More