දේශීය පුවත්

දරුණු පාතාල අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස බන්ධනාගාරගත වී සිටින ප‍්‍රබල සිරකරුවන් සඳහා වෙන් කර ඇති බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවන් බැලීම සඳහා පැමිණෙන නීතිඥ පිරිසක් ඔවුන් සමග සිය වෘත්තීය සම්බන්ධතාවට එහා ගිය සම්බන්ධයක් පවත්වන බවට සැකයක් මතුව තිබෙන බව වාර්තා වේ. ඔවුන්ගේ නම්ද හෙළිදරව් වෙමින් පවතී.

එම සිරකරුවන් රඳවා ඇති විශේෂ තත්ත්වයන් යටතේ බාහිර සමාජය සමග කිසිදු ආකාරයක සම්බන්ධයක් පවත්වාගෙන යා නොහැකි ආකාරයට සකස් කර තිබුණද එක්තරා නීතිඥ පිරිසක් නිතර නිතර එම සිරකරුවන් සමග පවත්වාගෙන යන සම්බන්ධය බුද්ධි අංශයන්හි සැකයට පාත‍්‍ර වී තිබේ.

මෙම සිරකරුවන් සමග බාහිර සමාජය පවත්වාගෙන යන සම්බන්ධය මුළුමනින්ම සීමාවී ඇති තත්ත්වය තුළ පවා ඔවුන් විසින් සිය සම්බන්ධතා ජාලය අඛණ්ඩව ගොඩනගාගෙන තිබීම සැලකිල්ලට ගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමේදී මේ බව අනාවරණය වී තිබේ. සමහර නීතිඥයන් සමග ඔවුන් බාහිර සමාජයේ සිටියදී සමීප සම්බන්ධතා පවත්වා ඇති බවද මෙම පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී තිබේ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More