මීගමුව බන්ධනාගාර පරිශ්‍රය තුළට හෙරෝයින් ඇතුළු තහනම් ද්‍රව්‍ය තාප්පයට ඉහළින් විසිකළ පුද්ගලයින් 07දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පවසන්නේ, එහිදී අත්අඩංගුවට ගත් රුක්ෂාන් නිලංග නම් තිස් එක් හැවිරිදි සැකකරු මේ සිද්ධියේ ප්‍රධාන ජාවාරම්කරු බවය.
අත්අඩංගුවට ගත් 07 දෙනා අතර කාන්තාවන් දෙදෙනෙකු ද සිටී.
ඉන් එක් තරුණියක් 21 හැවිරිදි චලනි භාග් යානම් කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර අනෙක් සැකකාරිය දිලිනි සිතාරා නම් 28 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ ම පදිංචිකාරියක් බව හෙළි වී ඇත.
අද (25) දිනයේ දී ඔවුන්ගේ නිවාස පරීක්ෂා කිරීමේදී හෙරෝයින් ග්‍රෑම් 127 ක්, කේරළ ගංජා කිලෝ 04 ක් හා මත්පෙති 300 ක් සොයාගෙන තිබේ.
සැකකරුවන් හෙට (26) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...