කොවිඩ්-19 වයිරසය පැතිරීම ආරම්භ වූ මාර්තු සිට මේ දක්වා පී.සී.ආර්. පරීක්ෂණ එක්ලක්ෂ පනස් දහසක් සිදුකර ඇති අතර, ඉන් රෝගීන් හමුවීමේ ප්‍රතිශතය සියයට එකයි දශම අටක් දක්වා අඩුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කොවිඩ් වසංගතය ආරම්භ වූ කාලයේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් හමුවූ රෝගීන්ගේ සංඛ්‍යාව සියයට තුනකි.
එම නිසා කොවිඩ් ආසාදිතයන් සමාජයෙන් සොයා ගැනීම අවම වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේය.
වර්තමානයේ වැඩි වශයෙන් විදේශ ගත රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් රෝගීන් සොයාගෙන තිබේ. දිවයින පුරා සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකම සහ රෝහල් ආශ්‍රිතවද ලබන සතියේ සිට පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමේ සැලැස්මක් සකස් කර ඇත. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයක මාසිකව අවම වශයෙන් පී.සී.ආර්. පරීක්ෂණ 200ක් සිදුකළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇත. ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල මෙම පරීක්ෂණ සිදු කිරීමට සැලසුම් කර ඇත.
දිවයින පුරා මහ සහ ශික්ෂණ, මූලික රෝහල්වලට පැමිණෙන රෝගීන්ගෙන් සතියකට පී.සී.ආර්. පරීක්ෂණ 20ක්වත් අවම වශයෙන් සිදුකළ යුතු බව අමාත්‍යාංශය දැනුම් දී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...