මෙවර මහ මැතිවරණයේදී ඡන්ද ගණන් කරන්නේ මැතිවරණයට පසුදින බැවින් එතෙක් ඡන්ද පෙට්ටි දැඩි ආරක්ෂාව යටතේ විවෘත ගොඩනැගිලිවල තැබීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
ඒ අනුව අගෝස්තු 05 වැනිදා ඡන්ද විමසීම නිමවීමෙන් පසු ගණන් කරන මධ්‍යස්ථාන වෙත රැගෙන එන ඡන්ද පෙට්ටි එම මධ්‍යස්ථානවල ඇති විවෘත ගොඩනැගිලිවල හෝ එසේ නොමැති ස්ථානවල ටෙන්ට් භාවිත කර ඉදිකරන තාවකාලික ස්ථානවල තබන බවත් එම භූමියට කිසිවකුටත් ඇතුළු වීමට නොහැකි ලෙස දැඩි ආරක්ෂාවක් යොදන බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මෙම ඡන්ද පෙට්ටි මුද්‍රා තැබීමට පෙර ඡන්ද පෙට්ටි වලත් මුද්‍රා තැබූ පසු අදාළ පොලිතින් ආවරණයේත් පක්ෂ නියෝජිතයනට තම පක්ෂවල විශේෂ ස්ටිකරය බැගින් ඇලවීමට අවස්ථාව ලබාදෙන බවත් ඡන්ද ගණන්් කිරීම සඳහා අගෝස්තු 06 වැනිදා ඡන්ද පෙට්ටි විවෘත කරන්නේ එම ස්ටිකර පක්ෂ නියෝජිතයන් පරීක්ෂා කිරීමෙන් පසු බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
පක්ෂ නියෝජිතයන්ට අවශ්‍ය නම් මෙම ඡන්ද පෙට්ටි තබා ඇති ගණන් කරන මධ්‍යස්ථාන අවට සිට පසුදින ඡන්ද ගණන් කිරීමට ඡන්ද පෙට්ටි විවෘත කරන පෙරවරු 8.00 දක්වා නිරීක්ෂණ කටයුතුවල යෙදිය හැකි බවද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...