දේශීය පුවත්

ඇමෙරිකානු එම්. සී. සී. ගිවිසුම තුළින් ශ‍්‍රී ලංකාවේ ඉඩම්වලින් සියයට 67 ක් පෞද්ගලික පාලනයට පැවරෙන බව ඇමෙරිකාවේ ඕක්ලන්ඞ් ආයතනය ශ‍්‍රී ලංකා රජයට අනතුරු අඟවමින් ප‍්‍රකාශ කර ඇත.

මේ නිසා මුහුදු වෙරළ ආශ‍්‍රිත ප‍්‍රදේශයේ ගොවි බිම් සහ ධීවර කලාපවල දස දහස් සංඛ්‍යාත ජනතාවකට සිය ඉඩකඩම් අහිමි වන බව ද එම ආයතනයේ අධ්‍යයන වාර්තාවේ තවදුරටත් සඳහන් කර තිබේ.

එම්. සී. සී. ගිවිසුම භයානක ගිවිසුමක් බවට කරුණු හෙළිකළ මුල්ම ඇමෙරිකානු වාර්තාව මෙය වේ.

ශ‍්‍රී ලංකාවට ණය ලබාදුන් ජාත්‍යන්තර ආයතනවලට මෙම ගිවිසුම යටතේ ඉඩම් අත්පත් කර ගැනීමට ඉඩ ලැබෙන අතර එම ඉඩම් බහුජාතික සමාගම්වලට ලබාදීම සිදුවන බව ද ඕක්ලන්ඞ් ආයතනය ශ‍්‍රී ලංකා රජයට වැඩිදුරටත් අනතුරු අඟවා තිබේ.

මෙම එම්. සී. සී. ගිවිසුමට අයත් ඉඩම් දැනටමත් සිතියම්ගත කර ඇති බව ද ඕක්ලන්ඞ් ආයතන වාර්තාවේ දක්වා ඇත.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More