IDH රෝහලෙන් ඊයේ දිනයේදී පැන ගිය කොරෝනා ආසාදිත පුද්ගලයා සිය ගමන් මාර්ගය සම්බන්ධයෙන් ලබාදී ඇති තොරතුරු අසත්‍ය බවට හෙළිවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පවසයි.
මෙම රෝගියා IDH රෝහලෙන් පළා යමින් සිටියදී රෝහලේ දී තමන් ඇද සිටි ඇඳුම් ගලවා අතර මග පිහිටි නිවසකට ඇතුල්වී එහි තිබු ඇඳුම් ඇද එහි තිබු පාපැදියක් සොරා ගෙන කොළඹ, කොටුව දෙසට පළා ගොස් ඇති බවට මේ දක්වා සිදුකළ පරීක්ෂණ වලින් කරුණු අනාවරණය වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හෙළි කර සිටියේය.
මෙම කොරෝනා රෝගියා ගමන් කළ බවට පළමුව හෙළිකළ තොරතුරු අසත්‍ය බවට හෙළිවීමත් සමග ඔහු IDH රෝහලේ සිට කොළඹ කොටුව ප්‍රදේශයට ගමන් කළ ආකාරය ගැන සොයා බැලීමට ආරක්ෂක අංශ විසින් මේ වන විට CCTV කැමරා සහ වෙනත් සාක්ෂිකරුවන් යොදා ගනිමින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මෙම පුද්ගලයා ඇදුම් සහ පාපැදිය සොරා ගත් නිවස සෞඛ්‍ය අංශවල උපදෙස් මත විෂබිජ හරණයට ලක් කොට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මෙම රෝගියා වගකීම් විරහිතව ක්‍රියා කිරිම හේතුවෙන් ඔහුට එරෙහිව නිරෝධායන පනත සහ දණ්ඩ නීති සංග්‍රහය අනුව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...