දේශීය පුවත්

රජරට විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස පත් කෙරුණු මිරිසවැටිය රජමහා විහාරාධිපති ඊතල වැටුනු වැවේ ඤාණතිලක හිමිපාණන් වහන්සේ සිය ධුරයේ වැඩ කටයුතු අද ආරම්භ කර තිබේ.

‍මේ වෙනුවෙන් වූ උත්සවයක් අද මිහින්තලේ පිහිටි රජරට විශ්වවිද්‍යාලයේදී පැවැත් විය.

ඊට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මෙජර් ජනරාල් කමල් ගුණරත්න යන මහත්වරුන් හා ආණ්ඩුකාරවරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

උත්සවයෙන් අනුනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරන්න මහතා,

” මේ රටේ අවුරුදු 30 ක යුද්ධයක් තිබුණා. ඒ යුද්දේ මුල ඉදන් අගටම හිටපු නිලධාරීයෙක් මම. ඒ වගේම මේ හමුදාපතිතුමත් මුල ඉදන් අගටම හිටියා. අපිට ජීවිත තර්ජන එල්ලවුනේ අද ඊයේ නෙවෙයි නමුත් එහෙම කියලා අපි අපේ රාජකාරිය නවත්වලා නෑ අපි ඒ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් නතර කළා. ඒ වගේ ඔය මොන පතාල නායකයා ජීවිත තර්ජන එල්ල කළත් අපි මේ පටන්ගත්ත ගමන නතර කරන්නේ නෑ. අපි ඉස්සරහට ඒ ගමන ගෙනිහිල්ලා අපේ රටේ ජනතාවට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ඇතිකරනවා සමාජයක් ඇතිකරනවා මේ අනාගත පරපුර අපි කුඩුවලින් පාතාලයෙන් බේරාගන්නවා. කවුරු තර්ජන කලත් ඒ තර්ජනවලට බයේ අපි ඒවා නවත්තන්නේ නෑ. පතාලයක් ඇතිවෙන්න හේතුව තමයි නීතිය හරියට ක්‍රියාත්මක නොවීම ඉතින් පහුගිය කාලේ ගිය විදිහට තව අවුරුදු 4 ක් 5 ක් ගියානම් අපේ රටේ කිසිම මනුස්සයකුට විශේෂයෙන්ම කාන්තාවකට පාරේ බැහැලායන්න පුළුවන් තත්ත්වයක් ඇතිවෙන්නේ නෑ. නමුත් අපි ඒ තත්ත්වය නැති කරනවා. අපි මේ රටේ පාතාලය නැති කරනවා.”

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More