තමා යළිත්වරක් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රිඩා නොකරන බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රිඩක ඩේවිඩ් වෝනර් පවසයි. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පසුගියදා තම ටෙස්ට් කණ්ඩායමේ නායක ස්ටීව් ස්මිත්ට හා උපනායක ඩේවිඩ් වෝනර්ට මාස 12 ක තරග තහනමක් පැනවීය. දකුණු අප්‍රිකාවට එරෙහි තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පඵදු කිරීමේ චෝදනාව ඔවුන්ට එල්ලවීම ඊට හේතුවයි. මෙම තරග තහනම හේතුවෙන් ලබන මස 07 වැනිදා ආරම්භ වන ඉන්දීය ප්‍රිමියර්ලිග් ක්‍රිකට් තරගාවලිය ඩේවිඩ් වෝනර් ට අහිමිවෙයි. මේ අතර දකුණු අප්‍රිකාවට එරෙහි සිව්වැනි සහ අවසාන ටෙස්ට් තරගයෙන් පසුව තමා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුරෙන් ඉවත්වන බව ඩැරන් ලේමන් පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...