පුරාවස්තුවලට හා ඓතිහාසික ස්ථානවලට හානි කිරීමට කිසිවකුටත් ඉඩ නොතබන බවත්, එවැනි සියලු ස්ථාන ජාතික උරුමයන් සේ සලකා ආරක්ෂා කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බෞද්ධ උපදේශක සභාවේ සිව්වන සභාවාරයේදී ඊයේ (24) ප්‍රකාශ කළේය. පුරාවස්තු රැකගනිමින් ජාතික උරුමය තහවුරු කිරීමට පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනයට කටයුතු කිරීමට ද ජනාධිපති කාර්යාලයේදී පැවැති මෙම සභාවාරයේදී ජනාධිපතිවරයා තීරණය කළේය.
පනත සංශෝධනය කළ යුත්තේ කෙසේදැයි අධ්‍යයනයට මහා සංඝරත්නය, අදාළ විෂය පිළිබඳ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට ද ජනාධිපතිවරයා මෙහිදී තීරණය කළ අතර, දීර්ඝ කාලයක සිට සිදු වෙමින් පවතින පුරාවස්තු විනාශය නතර කොට රටේ උරුමය අනාගත පරපුරට දායාද කිරීමත් ප්‍රායෝගිකව මතුවන ගැටලු නිරාකරණයත් පනත සංශෝධනයෙන් අපේක්ෂා අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා පැවැසීය. පුරාවස්තු ආරක්ෂා කිරීම සඳහා මෙහිදී දිවයාගහ යසස්සි හිමියෝ දස වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කළ අතර පුරාවස්තු සහ ඓතිහාසික ස්ථාන සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඉදිරිපත් කළ යෝජනා ජනාධිපති කාර්ය සාධක බළකායට ඉදිරිපත් කරන බවත් රාජපක්ෂ මහතා පැවැසීය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වාර්ෂිකව වෙන් කෙරෙන මූල්‍ය ප්‍රතිපාදන වැඩි කිරීමටත්, සේවක හිඟය පියවීමටත් පියවර ගන්නා බවද පැවැසූ රාජපක්ෂ මහතා පුරාවස්තු සහ ඓතිහාසික ස්ථාන රැක දෙන ලෙස මහා සංඝරත්නය කළ ඉල්ලීම්වලට ක්ෂණික ප්‍රතිචාර දක්වන්න ලෙසත් අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නේය.
පුරාවිද්‍යා විශ්වවිද්‍යාලවලින් වසරකට පිටවන පුරාවිද්‍යා විශේෂ උපාධිධාරීන් සංඛ්‍යාව 80ක් පමණ බව කී හෙතෙම පුරාවිද්‍යාව පිළිබඳ න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුමක් ඇති පිරිස් වහා බඳවා ගන්නා ලෙස ද උපදෙස් දුන්නේය. ඓතිහාසික ස්ථාන සහ පුරාවස්තු සුරැකීමේ වැඩපිළිවෙළට සිවිල් ආරක්ෂක බළකායේ සහාය ලබාගැනීමට ඇති හැකියාව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. උතුරු සහ නැගෙනහිර පළාත්වල පුරාවස්තු සහ ඓතිහාසික ස්ථාන සම්බන්ධයෙන් පවතින නඩු කොළඹ අධිකරණ වෙත මාරු කරන මෙන් මහා සංඝරත්නය මෙහිදී කළ ඉල්ලීම කෙරෙහි ද ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය.
උපාධිධාරීන් බඳවා ගැනීමේ දී පුරාවිද්‍යාව හදාළ පිරිස සුගතදාස ක්‍රීඩාංගණයේ සේවා සඳහා පත් කරනු ලැබ සිටින බැවින් විෂායනුබද්ධ දැනුම ඇති පිරිස අදාළ ක්ෂේත්‍ර වෙත යොමු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළේය. නිධන් හොරුන්ගෙන් පුරාවස්තුවලට සිදුවන බරපතළ හානිය පිළිබඳව පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියෝ මෙහිදී පෙන්වා දෙමින් පැවැසුවේ පුරාවස්තු තුළ තිබී රන්, රිදී, මැණික් වැනි වටිනා කිසිවක් මගේ හැට පස් වසරක ගවේෂණකාලයේ දී හමු වී නැහැ. එබැවින් පුරාවස්තු රැක ගැනීමට ජනතාවට නිවැරදි දැනුමක් දීම ඉතා වැදගත්.පුරාවස්තු පිළිබඳ ගවේෂණ වාර්තාවක් සැකසීම සහ සිතියම්ගත කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක්.නිසි විමර්ශනයකින් තොරව ඉතිහාසය විකෘති කරමින් මත පළ කරන අයටඑරෙහිව නීතිමය පියවර ගතයුතු බවයි. පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනයේ වැදගත්කම පෙන්වා දෙමින් මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නා හිමියෝ අවධාරණය කළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පිරවීමේ දී විෂය දැනුම ඇති පිරිස් බඳවා ගැනීමට පියවර ගත යුතු බවයි.
යටත් විජිත යුගයේ සකස් කළ පුරාවිද්‍යා පනතින් පුරාවස්තු පිළිබඳව පමණක් අවධානය යොමු කර ඇති බව පෙන්වා දුන් මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නා හිමියෝ ජාතික උරුමය සහ ශාසනික ඉතිහාසය සුරැකෙන පරිදි එය සංශෝධනය විය යුතු බව අවධාරණය කළහ. ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා, අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරිහූ සභාවාරයට එක්ව සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...