අංගොඩ අයි.ඞී.එච්. රෝහලෙන් කොරෝනා රෝගියකු පලාවිත් සමාජයේ සැරිසැරීම නිසා යළි අවදානමක් හටගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි
මෙම පලාගිය රෝගියාට සමාජයේ පුද්ගලයන් නිරාවරණය වූයේද? යන්න සම්බන්ධව සොයා බලමින් සිටින බව ද ඒ මහතා කියා සිටියේය.
මෙහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීවේය.
‘‘ මේ රෝගියා කොළඹ මොන මොන තැන්වලට ගමන් කළාද? ඔහු කුමන පුද්ගලයන් ඇසුරු කළාද යන්න සම්බන්ධව අපි සොයමින් ඉන්නේ. යම් පුද්ගලයන් පිරිසකට ඔහු නිරාවරණය වුණා නම් ඒ අයව නිරෝධායනය සඳහා යොමු කරන්න පියවර ගන්නවා.
මේ රෝගියා සමාජයේ සැරිසැරීම ගැටලූවක්. මේ තත්ත්වය තුළ කොරෝනා අවදානමක් මේ සමාජය තුළින් මතුවෙලා තියෙනවා. දැන් ඔහු ගිය තැන්, ඇසුරු කරපු අය සොයා බැලීමයි කරන්නේ.
මේ රෝගියාට යම් අයකු නිරාවරණය වුණා නම් සෞඛ්‍ය අංශ දැනුවත් කරන්න කියලත් ඉල්ලා සිටිනවා.’’
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...