අද (24) සවස 3 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 2763ක් දක්වා ඉහළ ගොස් තිබේ.
නිරෝධායනයට ලක්වෙමින් සිටින, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 9 දෙනෙක් හා කන්දකාඩු මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
අද උදෑසන කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් පුර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු ආසාදිතයින් ගණන 2094ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව අද වන විට ආසාදිතයින් 658 දෙනෙක් රෝහල් ගත ව ප්‍රතිකාර ලබයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...