දේශීය පුවත්

අයි.ඩී.එච් රෝහලෙන් පලා ගොස් සිටි කොරෝනා ආසාදිතයා කොළඹ කොටුවේ සිට ජාතික රෝහල තෙක් රැගෙන ගිය ත්‍රිරෝද රථ රියදුරා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට තීරණය කර ඇත.

මේ අතර කොළඹ ජාතික රෝහල අසළ දී සොයා ගත් කොරෝනා ආසාදිතයා නැවතත් අයි.ඩී.එච් රෝහල වෙත ගෙන ඒමට පියවර ගෙන ඇතැයි ද වාර්තාවේ.

මුල්ලේරියාව අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට අද (24) අලුයම 2 ට පමණ රෝහලෙන් පලා ගිය ආසාදිතයා හමුදා කණ්ඩායමක් විසින් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට දී සොයා ගනු ලැබීය.

අයි.ඩී.එච් රෝහලෙන් පිට වී ආසාදිතයා කොළඹ කෙලින් විථීයට ගොස් එතැන් සිට ත්‍රීරෝද රථයකින් කොළඹ ජාතික රෝහලට එම පුද්ගලයා පැමිණ ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

එම රෝගියා කොළඹ කෙලින් විථීයට පැමිණ ඇත්තේ කෙසේ දැයි මේ වන විට සොයා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද ඔහු කියා සිටියේය.

පැනගිය කොරෝනා ආසාදිතයා හඳුනාගෙන විශාල ව්‍යසනයක් වළකා ගත් ජාතික රෝහලේ සේවකයන් දෙදෙනා

පැනගිය කොරෝනා ආසාදිතයා හඳුනාගෙන විශාල ව්‍යසනයක් වළකා ගත් ජාතික රෝහලේ සේවකයන් දෙදෙනා

Gepostet von Hiru News am Freitag, 24. Juli 2020

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More