දේශීය පුවත්

ඉස්ලාම් ආගමික අන්තවාදයෙන් සිදුවන සමාජ බෙදීම අහෝසි කිරීමට වහා මැදිහත් වන ලෙස දන්වමින් ‘අපේ ජන බල පක්ෂයේ’ නායක පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සමස්ත ලංකා ජමෙයිතුල්ලා උලමා සභාව වෙත ඊයේ (23 වැනිදා) ලිපියක් යොමු කළහ.

මෙම දන්වා සිටීම සම්බන්ධයෙන් ජමෙයිතුල්ලා උලමා සභාවේ ස්ථාවරය හැකි ඉක්මනින් දන්වන ලෙසත් එසේ නොවුණහොත් සමාජයට බාධා වන ක‍්‍රියාවන් නතර කිරීමට අවිහිංසාවාදී ක‍්‍රියාමාර්ගයක් ඔස්සේ මැදිහත් වන බවත් එකී ලිපියේ දැක්වෙයි.

ජමෙයිතුල් උලමා සභාව යනු මුස්ලිම් ජනතාවගේ සමාජය ජීවිතයට ඉමහත් බලපෑමක් කරනු ලබන ඉස්ලාම් ආගමේ ප‍්‍රධාන ආගමික සංවිධානය බවත් සඳහන් කරන පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ එහෙයින් ඉස්ලාම් ආගමික අන්තවාදය සම්බන්ධයෙන් එම සංවිධානයට වගකීමක් ඇතැයි ද සඳහන් කරති.

අන්‍ය සංස්කෘතික අනන්‍යතාව පිළිගැනීමට තමන් වහන්සේලා සූදානම් නමුත් ආගමික අන්තවාදයන් පිළිගැනීමට සූදානම් නැති බවත් සඳහන් කරන පූජ්‍ය රතන හිමියෝ සිංහල, මුස්ලිම් සමාජය අතර බෙදීමට තුඩු දෙන ආගමික ප‍්‍රවනතා මෑත කාලයේ මතුවීමට ජමෙයිතුල්ලා උලමා සංවිධානය වගකිවයුතු බවටත් චෝදනා කරති.

මුස්ලිම් රටවල පවා ඇඳීම අධෛර්යමත් කර ඇති බුර්කාව හා නිකාබය වැනි ඇඳුම් ඇඳීමේ අන්තවාදී තත්ත්වයන් වෙනස් කළ යුතු බවත් මද්‍රාසා පාසල් තහනම් කළ යුතු බවත් එකී ලිපියේ දැක්වෙයි.

එසේම බාලවයස්කාර දරුවන් විවාහ කර

ගැනීමේ නීති වෙනස් කර රටේ පවතින පොදු විවාහ නීතියට අනුගත විය යුතු බවත් අල්ලා දෙවියන් විශ්වාස නොකරන අය හෙළා දැකීමත් බලහත්කාරයෙන් හෝ ඔවුන්ගේ ආගමට

ගැනීමත් ඒ සඳහා හිංසනය යොදා ගැනීමත් පිළිබඳව අදහස් පැතිරවීම නතර කළ යුතු බවත් රතන හිමියන් ජමෙයිතුල් උලමා සභාව වෙත යොමු කළ ලිපියෙහි දැක්වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More