දේශීය පුවත්

මුල්ලේරියාව අයි.ඩි.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට රෝහලෙන් පලා ගිය රෝගියා කොරෝනා ආසාදිතයෙක් බවට තහවුරු වී තිබේ.

කෙසේවෙතත් මේ වන විට එම ආසාදිතයා සොයා ගැනීම සඳහා යුද හමුදා කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම ආසාදිතයා අද (24) අලුයම රෝහලෙන් පලාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය.

අදාළ පුද්ගලයා මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වී සිටි අපරාධ සඳහා අවශ්‍යව සිටි පුද්ගලයෙකු බව ද පොලීසිය සඳහන් කළේය.

මෙම පුද්ගලයාගේ වම් කකුලේ ආබාධයක් පැවතීම හේතුවෙන් ඇවිදින විට කොරගසන පුද්ගලයෙකු වන අතර මොහු සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහය අපේක්ෂා කරයි.

මෙලෙස පළාගොස් ඇත්තේ 41 හැවිරිදි ත්‍රිකුණාමලය වල්ලිමරම් ප්‍රදේශයේ පදිංචි එල්සියාම් නසීම් නමැති පුද්ගලයෙකු බව සඳහන්ය.

මෙම පුද්ගලයා ගැන දන්නා අයෙකු පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිමි.
119
0718591017
0718592290
0718591864



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More