මෙරට සිසුන්ට වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා මෙතෙක් පිළිගෙන තිබූ රුසියානු විශ්වවිද්‍යාල තුනක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් අනුමත ලේඛනයෙන් ඉවත් කර තිබේ.
අතීතයේ ලුමුම්බා නමින් පැවති විශ්වවිද්‍යාලයද මේ අතර වෙයි. එම විශ්වවිද්‍යාලය වර්තමානයේ හැඳින්වෙන්නේ ජනතා මිත්‍රත්ව විශ්වවිද්‍යාලය නමිනි. ලෝක ශ්‍රේණිගත ලේඛනයේ 392 වැනි ස්ථානයේ මෙම විශ්වවිද්‍යාලය පවතී.
අනුමත විදෙස් විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් වසර පහකට වරක් කරන පසු විපරමකින් පසු කවර විශ්වවිද්‍යාල ඉවත් කර කවර විශ්වවිද්‍යාල තවදුරටත් තබාගත යුතුද යන්න තීරණය කරන බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය ආනන්ද හපුගොඩ පැවසීය.
එලෙස ඉවත් කරන දිනය වන විටත් අධ්‍යාපන ලබමින් සිටින සිසුන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සම්බන්ධයෙන් ගැටලුවක් ඇති නොවන බවද ලේඛකාධිකාරීවරයා කීවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...