දේශීය පුවත්

රධාන පෙළේ රාජ්‍ය බැංකුවක හා පෞද්ගලික බැංකුවක තිබූ රුපියල් කෝටි ගණනක මුදල් ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඩ් මගින් රහසිගතව ලබාගැනීමේ සංවිධානාත්මක කල්ලි සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් අරඹා ඇත.

ජාත්‍යන්තර හැකර්වරුන් හා ශ්‍රී ලාංකික කණ්ඩායමක් එක්ව කළ බවට සැක මෙම ජාවාරමේදී අදාළ බැංකු දෙකෙන් වසර ගණනක සිට මුදල් ඇද ඇතැයි තොරතුරු හෙළිවී ඇත. එම බැංකු දෙක කරන ලද පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට මූලික විමර්ශන අරඹා තිබේ.

විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයන්ට මෙම බැංකුවලින් නිකුත් කරන ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඩ්පත් මගින් භාණ්ඩ හා මුදල් ලබා ගනිමින් මෙම වංචාව සිදුකර ඇතැයි ද දැනට අනාවරණය වී ඇත. විදෙස් රැකියා සොයා ජපානයට ගිය කණ්ඩායමක් මෙම ජාවාරම මෙහෙයවා ඇතැයි ද පැවසේ.

කාඩ්පත්වලින් මුදල් ගනුදෙනු සිදු කළ පසු අදාළ රටවලින් එන දත්ත ස්වයංක්‍රීයව ගිණුම්වලට එක්වන ක්‍රමවේදයක් මේ බැංකුවල තිබී නැත. ඒ වෙනුවට බැංකු නිලධාරීන් යොදවා දත්ත ගිණුම්වලට එක්කිරීමේ (manual) සාම්ප්‍රදායික ක්‍රමවේදයක් ඔවුන් ක්‍රියාත්මක කර තිබේ.

එලෙස බැංකු නිලධාරීන් යොදවා දත්ත එක්කිරීමේදී සිදුවන ප්‍රමාදයන් හඳුනාගෙන මෙම ජාවාරම් කල්ලි කාඩ්පත් ඔස්සේ ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන ඇතැයි ද කියයි. බැංකු ගිණුම්වල මුදල් පියවීමේදී වංචාවක් සිදුවන බවට මෙම බැංකුවලට තේරුම් ගොස් ඇතත් එම වංචාව සොයාගත නොහැකිව සිටි ඇත. බැංකුවේ මෘදුකාංගවල වරදකින් මෙය සිදුවන්නට ඇතැයි නිලධාරීන් සැකකර තිබේ.

බැංකු නිලධාරීන්ගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය සහ අතපසුවීම් හේතුවෙන් මෙම මූල්‍ය වංචාව සිදුව ඇති බව තහවුරු වී ඇත. වංචාවට සම්බන්ධ පිරිස් හඳුනා ගැනීමට ජාත්‍යන්තර බැංකුවල සහාය ගැනීමටද තීරණය කර තිබේ.

-අරුණ-



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More