එළඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණට තුනෙන් දෙකක බහුතරය ලබා ගැනීමට නොහැකි බවත් අවශ්‍යය කරන බහුතරය සකස් කර ගැනීමට රිෂාඩ් බද්යුද්දීන් ප්‍රමුඛ සමගි ජන බලවේගය නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන් ලබා දෙන බවටත් ඒ සඳහා නාමල් රාජපක්ෂ සහ රිෂාඩ් බද්යුද්දීන් අතර ඇති වූ සාකච්ඡා පූර්ණ එකඟතාවයකින් යුතුව අවසන් වී ඇති බවටත් ඇඟවෙන කට කතාවක් ඉදිරිදින වලදී පතුරුවා හැරීමට නියමිත බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් ලංකා ලීඩ්ස් වෙත වාර්තා වී ඇත.
සමගි ජන බලවේගය නියෝජනය කරමින් දකුණු පළාතේ එක්තරා දිස්ත්‍රික් අපේක්ෂකයෙකු ලෙස කටයුතු කරමින් සිට අපේක්ෂකත්වයෙන් ඉවත්වූ මෙවැනි කූට මෙහෙයුම් වලට ප්‍රසිද්ධියක් උසුලන්නෙකු ගේ එක්තරා සම්බන්ධීකාරකයෙකු මෙම ප්‍රචාරය දියත් කිරීමේ මෙහෙයුම් සකස් කරමින් සිටින බව ලංකා ලීඩ් වෙත වාර්තා වේ.
ජනතා විමුක්ති පෙරමුණේ භික්ෂු අංශයේ ක්‍රියාකාරීව සිට පසුව උපැවිදි වුනු ජවිපෙ පූර්ණ කාලීනයෙකුව කටයුතු කර පසුව ඉහත කී දකුණු පළාතේ කුප්‍රකට දේශපාලඥයාගේ කාර්ය මණ්ඩලයට ඇතුලත් වූ පුද්ගලයෙකු මෙහි ප්‍රමුඛ කාර්යයක් ඉටු කරනු ලබන බවද වාර්තා වේ.
කෙසේ වුවද සමාජ මාධ්‍යය හරහා එම මතය පතුරුවා හැරීමේ කටයුතු ජවිපෙයට හිතවත් සමාජ මාධ්‍යය ජාලා ක්‍රියාකාරිකයන් හරහා පතුරුවා හැරීමටද සැලසුම් කර තිබේ. ජවිපෙයට හිතවත් සමාජ මාධ්‍යය ජාලා ක්‍රියාකරුවන් සම්බන්ධීකරණය කිරීමේ කටයුතු ඉහත කී උපැවිදි හිටපු ජවිපෙ ක්‍රියාකාරිකයා විසින් කරගෙන යනු ලබන බව පැවසේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...