ඓතිහාසික බුවනෙකබා රාජ සභා මණ්ඩපය බව පැවසෙන ගොඩනැඟිල්ලේ කඩා බිඳ දමා ඇති කොටසට ඇතුළුවීම වැළැක්වීම සඳහා නීතිපති විසින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන ඇත.
ඒ අනුව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව, නියෝජ්‍ය නගරාධිපති, නගර සභා මන්ත්‍රීවරු, නගර සභා කොමෙසාරිස්, නගර සභාවේ ඉංජිනේරුවරයා, නගර සභාවේ කාර්ය මණ්ඩලය හා ඔවුන්ගේ නියෝජිතයින් කිසිවෙකුට එම ස්ථානයට යෑම අදාළ නියෝගය මඟින් වළක්වා තිබේ.
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය මේ බව පැවසීය.
මේ අතර ඓතිහාසික බුවනෙකබා රාජ සභා මණ්ඩප ගොඩනැගිල්ල කඩාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු වඩා විධිමත්ව ඉදිරියට පවත්වාගෙන යන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබුණි.
මෙම ගොඩනැගිල්ල විනාශ කිරීම පිළිබඳ සොයා බැලීමට පත්කළ කමිටුවේ අන්තර්කාලීන වාර්තාව ඊයේ (22) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ට බාර දෙනු ලැබීය.
එම වාර්තාව මඟින් යෝජනා 5ක් ඉදිරිපත් කර තිබුණි.
එම යෝජනා පහත දැක්වේ.
01. ගොඩනැගිල්ලේ ඉදිරිපස කොටසේ හානි සිදු වී ඇත්තේ පියස්සේ කොටසකට හා ජනේල්වලට බැවින් එම කොටස් පුරාවිද්‍යාත්මකව සංරක්ෂණය කිරීමේ හැකියාව ඇත. මුළුමනින්ම විනාශ වී ඇති පිටුපස කොටසේ දැව බාල්ක හා ගඩොළු ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය සුරක්ෂිතව ඇත. එම නිසා මීට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් විස්තරාත්මක ලෙස වාර්තාගත කර ඇති නිසා සහ සංරක්ෂණ සැලසුම් සකස්කර ඇති නිසා එම පැරණි කොටස නැවත යථාවත් කිරීමේ හැකියාව පවතියි. එබැවින් පැරණි ගොඩනැගිල්ල කඩිනමින් සංරක්ෂණය කළ යුතුය.
02. මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීම.
03. මෙම ස්ථානය පුළුල් කිරීමේ සැලැස්ම සංශෝධනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියට යෝජනා කිරීම.
04. මෙම විනාශයට වගකිව යුත්තන්ට නීතිමය පියවර ගැනීම.
05. විනාශය ට වගකිව යුතු ආයතන හෝ පුද්ගලයන් මඟින් සංරක්ෂණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම ලෙසය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...