දේශීය පුවත්

‘උප්පැන්න සහතිකය‘ යන්න වෙනුවට ‘ජාතික උප්පැන්න සහතිකය‘ නමින් හඳුන්වා දීමට මේ වනවිට නෛතික ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

රෙජිස්ට්‍රාර් ජනරාල් එන්.සී.විතානගේ මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

2019 වර්ෂයේ හඳුන්වා දුන් ‘ජාතික උප්පැන්න සහතිකය‘ පැරණි උප්පැන්න සහතිකයේ පැවති අඩුපාඩු ඉවත් කර මෙලෙස ජාතික හා ජාත්‍යන්තර මට්ටමට ගැළපෙන ලෙස සකස් කරන බව සඳහන් වේ.

එම උප්පැන්න සහතිකයෙන් සමහර ළමුන්ට අගතිගාමී ලෙස බලපාන “දෙමාපියන් විවාහක ද“ යන කොටස ඉවත් කොට භාෂා ද්විත්වයෙන් සකස් කරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

ජාතික උප්පැන්න සහතිකයේ ඇතුළත් වෙන කරුණු කිහිපයක් පහත දැක් වේ.

1. ‘උප්පැන්න සහතිකය‘ යන්න වෙනුවට ‘ජාතික උප්පැන්න සහතිකය‘ නමින් හඳුන්වා දී ඇත.
2. භාෂා ද්විත්වයෙන් ම සැකසේ.
3.උපතේ දී ලබා දෙන අනන්‍යතා අංකය ඇතුළත් කොට ඇත.
4.වඩාත් ආරක්ෂිත කඩදාසියක ඩිජිටල් ක්‍රමයට සැකසේ.
5.ක්ෂණික ප්‍රතිචාර කේතයක්, කේත අංකයක්, දිය සලකුණ සහ හොලෝ ග්‍රෑම් ස්ටිකර් එකක් අලවා ඇත.
6.රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අත්සනින් නිකුත් කරනු ලබයි.

පැරණි උප්පැන්න සහතිකයේ පවා නොමැති කරුණක් වන ආගම පිළිබඳ විස්තර ජාතික උප්පැන්න සහතිකය ට ඇතුළත් කර නොමැති අතර, ජාතිය යන්නට අමතර ව දෙමාපියන්ගේ ජාතිකත්වය ද ඇතුළත් කර තිබේ.

මෙය තවමත් ජනගත කර නොමැති අතර, මීට අදාළ කාර්ය පියවර සම්පූර්ණ වීමෙන් පසු බවත් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා සඳහන් කරයි.

ජාතික උප්පැන්න සහතිකයේ ආකෘති පත්‍රයක් පහතින් දැක් වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More