රියදුරු බලපත්‍රවලට ලකුණු ලබා දීමේ ක්‍රමය නැවත ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු ව තිබේ.
රියදුරන්ගේ නොසැලකිලිමත් බව හේතුවෙන් සිදුවන අනතුරු වළක්වා ගැනීමට යොදා ගත හැකි උපාය මාර්ගයක් ලෙස මෙය හඳුන්වා දී ඇත.
මෙම ක්‍රමය තුළින් නොසැලකිලිමත් බව හේතුවෙන් සිදුවන මාර්ග අනතුරුවල දී එම රියදුරන්ට 0 සිට 24 දක්වා ලකුණු තීරණය වේ.
මාර්ග අනතුරු සිදුකළහොත් එම ක්‍රමය යටතේ ලකුණු 24 සිට පහළට රියන්දුරන්ගේ බලපත්‍රවලට ලැබෙන ලකුණු කැපීයාමක් සිදුවෙයි.
අවසානයේ ලකුණු 0 දක්වා කැපී ගිය පසු රියදුරු බලපත්‍රය අහෝසි වෙනු ඇත.
මෙම ලකුණු ලබා දීමේ ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමු ව ඇතැයි ඊයේ (22) ඛනිජ තෙල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...