දේශීය පුවත්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නැයි රජයට බල කරමින් ඊයේ (ජූලි 22) යළිත් විරෝධතාවක් ආරම්භ විය.

වරාය වෘත්තීය සමිති නායකයෝ  මාධ්‍ය වෙත පැවසූයේ,  කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමට අදාළ ක්‍රියාවලිය රජය තවම හකුළාගෙන නොමැති බවය.

”අපි විශ්වාස කරන්නේ මේක විකුණන්නම තමයි ලෑස්ති කරගෙන යන්නේ. ඒකට පසුබිම තමයි මේ නිර්මාණය කරන්නේ. ඒකට විරුද්ධව වරාය සේවකයන් විරෝධතාවයක් පවත්වා ඉන් අනතුරුව සතියක් කලුපටි බැඳගෙන වැඩ කරනවා. ඒ කාලය තුළ යහපත් ප්‍රතිචාරයක් නැතිනම් අපි යළි වර්ජනයකට යනවා” යැයි පොදු ජන පෙරමුණට අනුබද්ධ වාණිජ, කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ සභාපති හා නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සංජය කුමාර වැලිගම පැවසීය.

වරාය වෘත්තීය සමිතිවල ඉල්ලීම මත පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ ද විරෝධතාව පැවති ස්ථානයට වැඩම කළහ.

”වරාය කියන්නේ අපේ ජාතියේ හදවත බඳු සම්පතක්. ඒ සම්පත් ගැන මම පහුගිය කාලේ දිගටම කතා කළා. ඒ කතා කරලා තමයි සීයට හැට ගාණකින් ඡන්ද අරන් දුන්නේ. ඒ අරං දීලා ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කළේ මේවා රකින්න මිසක් විකුණන්න නෙමෙයි. අපි කැමති නෑ බොහොම දුක් විදලා හදපු ආණ්ඩුවක් යටතේ මේ තත්ත්වය වෙනවට” යනුවෙන් වරාය සේවකයන් හමුවූ අවස්ථාවදී පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවසුහ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More