අතුරැදන්වීම් වැලැක්වීමේ ජාත්‍යන්තර ප‍්‍රඥප්ති පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යායපත‍්‍රයෙන් කල් දමා ඉවත්කර තිබුනද එය නැවත විවාදයට ගැනීමට ඉඩ තිබෙන බවත්, එම පනතට සහාය පල කර ගමට නොයෙන ලෙසත්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව රණවිරුවන් සුරකීමේ ජාතික ව්‍යා පාරයේ සභාපති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසීය.
අතුරුදන්වීම් වැලැක්වීමේ ජාත්‍යන්තර ප‍්‍රඥප්ති පනත පාර්ලිමේන්තු පුස්තකයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා රණවිරුවන් සුරකීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු ජාතික සංවිධාන විසින් අද(20) පාර්ලිමේන්තු වටරවුමේ දී පැවති උද්ඝෝෂණයට එක්වෙමින් හෙතෙම මේ බව සදහන්කර සිටියේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...