දේශීය පුවත්

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදයේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය අතර ඇති කර ගැනීමට නියමිත ගිවිසුමින් ශ්‍රී ලංකාවේ ඉඩම් හෙක්ටයාර් මිලියන ගණනක් පෞද්ගලික පාලනයකට යටත් කළ හැකි බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්වාධීන චින්තන පර්ෂදයක් වන ‘ඕක්ලන්ඩ් ආයතනය’ ප්‍රකාශ කරයි.

රජයේ ඉඩම් සිතියම්ගත කිරීම සහ ඩිජිටල්කරණය කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ සමස්ත භූමියෙන් සියයට හැට හතක ඉඩම් සිතියම්ගත කිරීමට නියමිත බවද එම ආයතනය පැවසීය.

මෙම තත්ත්වය මත ඉඩම් වෙළෙඳපොළ විවෘත කිරීම සහ ඉඩම් ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා ලෝක බැංකුව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල මෙන්ම ඇමෙරිකාව වැනි පාර්ශ්වයන්ද ශ්‍රී ලංකාව දිරිමත් කරන බවද ඕක්ලන්ඩ් ආයතනය පෙන්වා දෙයි.

ඕක්ලන්ඩ් ආයතනය වැඩිදුරටත් අවධාරණය කරන්නේ ‘ඉඩම් බදුදීම හෝ විකිණීම’ වෙනුවෙන් ඉඩම්වල ‘වටිනාකම්වල අගුලු හැරීම’ මෙම ගිවිසුම හරහා සිදු කරන බවයි.

එහෙත් එම සමාගම විසින් සගවාලන දේ නම් මෙම ඉඩම්වල අගුලු ඇරීම මගින් එම ඉඩම් මිලදී ගන්නේ හෝ බදු ගන්නේ කුමන රටක්ද කුමන අයෙක්ද යන්න සදහන් නොකරීමයි.

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More