පාසල්වල ලබන සඳුදා (27 වැනිදා) සිට ආරම්භ කෙරෙන ශ්‍රේණි සඳහා සවස 3.30 දක්වා ඉගැන්වීම් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
එම ශ්‍රේණිවලට අදාළ ගුරුවරුන් හැර වෙනත් ගුරුවරුන් පාසලට පැමිණීම අවශ්‍ය නොවන බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම විධිවිධානවලට අදාළ නව චක්‍රලේඛයක් අද (23 වැනිදා) හෝ හෙට (24 වැනිදා) නිකුත් කිරීමට නියමිතය. ලබන සඳුදා ආරම්භ කෙරෙන්නේ එකොළහ, දොළහ සහ දහතුන යන ශ්‍රේණි පමණි. එමෙන්ම අගෝස්තු මස 10 වැනිදා සිට සියලුම ශ්‍රේණි ආරම්භ කිරීමට නියමිත අතර ඒ වෙනුවෙන් වෙනම චක්‍රලේඛයක් නිකුත් කෙරෙන බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...