දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව අප්‍රේල් 4 වැනිදා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන බව තමා සහතික වශයෙන්ම පවසන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පැවැසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව කතානායකවරයාට භාරදුන් මේ විශ්වාසභංග යෝජනාව මේ වනවිට පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සෑම දේශපාලන පක්ෂයකම පොදු ලියවිල්ලක් බවට පත්ව තිබෙන බවද මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

කෙතරම් සාකච්ඡා පවත්වා අගමැතිවරයා විශ්වාසය පළකර ගැනීමට හැදුවද එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් ප්‍රබලයන් කෙතරම් සල්ලි මලු විසිකෙරුවද අප්‍රේල් 4 වැනිදා රාත්‍රි වනවිට ඡන්ද ප්‍රතිඵල අනුව අගමැතිවරයාට ගෙදර යෑමට අනිවාර්යයෙන්ම සිදුවන බවත් වීරවංශ මන්ත්‍රිවරයා සඳහන් කරයි.

පසුගිය කාලයේදී පාර්ලිමේන්තුවේ ඇතැම් ඡන්ද විමසීම් ගැන යම් යම් ගැටලු ඇති වූ නිසා මේ විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීම නිසි පරිදි සිදුකිරීමට වගබලා ගන්න කියා ඒකාබද්ධ විපක්ෂය කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටින බවද විමල් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More