දේශීය පුවත්

ඓතිහාසික රාජ සභා මණ්ඩප ගොඩනැගිල්ල ඩෝසර් කර කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු වඩා විධිමත්ව සිදුකරන ලෙස නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයාට ඊයේ (22 වැනිදා) උපදෙස් ලබාදී ඇත.

මෙම සිද්ධියට අදාළව කුරුණෑගල නගරාධිපති ඇතුළු එහි නාගරික මන්ත්‍රීවරුන් හා එහි නිලධාරීන් කිහිපදෙනකුගෙන්ද මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කිහිපදෙනෙකුගෙන්ද වහාම ප්‍රකාශ ලබාගන්නා ලෙසද නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

මෙම සිද්ධියට අදාළ සියලු විමර්ශන මෙම මස 31 වැනිදාට පෙර අවසන් කර එහි වාර්තාවක් තමන් වෙත ලබාදෙන ලෙසද නීතිපති දප්පුල ද ලිවේරා, වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත දැනුම් දී තිබේ.

රාජ සභා ගොඩනැගිල්ල කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා; පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සමග ඊ​යේ (22 වැනිදා) සාකච්ඡා පවත්වා ඇති බව නීතිතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි, රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිශාරා ජයරත්න සඳහන් කළාය. එම සාකච්ඡාවෙන් පසු මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන සිදුකළ යුතු ආකාරය සහ එහි අඩංගු විය යුතු කරුණ සම්බන්ධයෙන් වූ උපදෙස් ඇතුළත් පිටු 5කින් යුත් ලිපියක් නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කර තිබේ.

අදාළ අපරාධය සිදුවූ ස්ථානය ආරක්ෂා කිරීම සහ ඒ සඳහා අධිකරණ නියෝගයක් ලබාගැනීම, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ විශේෂඥ වාර්තා ලබාගැනීමට අවශ්‍ය අධිකරණ නියෝග ගන්නා ලෙසද නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා වෙත වැඩිදුරටත් දැනුම් දී ඇත. මේ අතර රාජ සභා ගොඩනැගිල්ල විනාශයට වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඒ පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ කමිටුව නිර්දේශ කර තිබේ. එම පැරණි ගොඩනැගිල්ල කඩිනමින් සංරක්ෂණය කළ යුතු බවත් සංරක්ෂණය සඳහා අවශ්‍ය වන ප්‍රතිපාදන විනාශයට වගකිවයුතු පුද්ගලයන් හෝ ආයතන මගින් ලබාගත යුතු බවටත් කමිටුව නිර්දේශ කර ඇත.

අගමැති මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර විසින් පත් කරන පද කමිටුවේ අන්තර්කාලීන වාර්තාව මෙසේ අගමැතිවරයාට ඊයේ (22 වැනිදා) භාරදුන් අතර මෙම ​ගොඩනැගිල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ගැනීමද කමිටුවේ තවත් නිර්දේශයකි.

ගොඩනැගිල්ලේ ඉදිරිපස කොටසේ හානි සිදුවී ඇත්තේ පියස්සේ ඉදිරි කොටසකට හා ජනෙල්වලට බැවින් එම කොටස් පුරාවිද්‍යාත්මකව සංරක්ෂණය කිරීමේ හැකියාව ඇති බවත් මුළුමනින්ම විනාශ වී ඇති පිටුපස කොටසේ දැව බාල්ක හා ග​ඩොල් ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය සුරක්ෂිතව ඇති බවත් එම කමිටු වාර්තාවේ සඳහන් කර තිබේ. එමෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විස්තරාත්මක ලෙස වාර්තා කර ඇති හෙයින් හා සංරක්ෂණ සැලසුම් සකස් කර ඇති නිසා එම පැරණි කොටස යළි යථා තත්ත්වයට පත්කිරීමේ හැකියාව පවතින බවත් කමිටුව පෙන්වා දී තිබේ.

මෙම ස්ථානය පුළුල් කිරීමේ සැලසුම් සංශෝධනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියට යෝජනා කිරීමටද කමිටුවේ තවත් නිර්දේශයක් වෙයි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ටී.ජී. කුලතුංග, කුරුණෑගල අතිරේක දිස්ත්‍රික් ලේකම් ජී.ඒ. කිත්සිරි, මධ්‍යම සංස්කෘතික අරමුදලේ වැඩබලන සංවර්ධන අධ්‍යක්ෂ වාස්තු විද්‍යාඥ සුමේධා මාතොට සහ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පුරාවිද්‍යාඥ ප්‍රසාද් රණසිංහ මෙම කමිටුවට අයත් වූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More