මත් උවදුර තුරන් කළ රටක් අනාගත දරු පරපුරට දායාද කරන බවට සහතික වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
අද (22) පස්වරුවේ බියගම පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වදින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අපේක්ෂකයන්ගේ ජය තහවුරු කෙරෙන ජන හමු මාලාවට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (22) පස්වරුවේ බියගමට පැමිණියේය.
ජනාධිපතිවරයා පළමුව සහභාගී වුයේ අපේක්ෂක ඩුලිප් විජේසේකර මහතා බියගම සියඹලාපේ මංසන්ධියේ සංවිධාන කර තිබූ ජන හමුවටය.
ඉන් අනතුරුව අපේක්ෂක ලසන්ත අලගියවන්න මහතා මහර දළුපිටිය ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ජන හමුවට ජනාධිපතිවරයා සහභාගී වුණි.
අපේක්ෂක නිමල් ලාන්සා මහතා වත්තල මාටාගොඩ ක්‍රීඩාංගණයේ සංවිධාන කළ ජන හමුවට ජනාධිපතිවරයා සහභාගී වූයේ ඉන් අනතුරුවය.
මේ අතර ජනාධිපතිවරයා ඊයේ (21) පස්වරුවේ පොරමඬුල්ල මධ්‍ය මහා ක්‍රීඩාංගණයට පැමිණි අවස්ථාවේ දී සිය ක්‍රීඩාංගණය සංවර්ධනය කර දෙන ලෙසට සිසුන් කළ ඉල්ලීමට ඉක්මන් ප්‍රතිචාර ලැබී තිබේ.
සිසුන් ඊයේ (21) කළ ඉල්ලීම පිළිබඳ ජනාධිපතිවරයා එම අවස්ථාවේදීම දුරකතනය ඔස්සේ යුද හමුදාපතිවරයා දැනුවත් කළේය.
ඒ අනුව පැය 24ක් ගතවීමටත් පෙර යුද හමුදාව විසින් මෙලෙස ක්‍රීඩාංගණයේ සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...